Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහත් උනන්දුවෙන් බලා සිටි, ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (18 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය එහෙම පිටින්ම වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවිය.
තරගය පෙරවරු 10.30 ට ආරම්භ වීමට නියමිතව තිබුණද බ්‍රහස්පතින්දා සවස සිටම සදම්ප්ටන් පිටියට ඇදහැළුණු වර්ෂාවත්, ඒ හේතුවෙන් ක්‍රීඩාංගණයේ හතරේ සීමාව ඇතුළත තෙත බරිත වී තිබීමත් නිසා දිවා ආහාරය දක්වා කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද කරන ලදි. එහෙත් දිවා ආහාරයෙන් පසුවද තත්ත්වයේ වෙනසක් නොවූයෙන් පළමු දිනයේ ක්‍රීඩාව අතහැර දමන ලදි.
කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් තරගයේ කිසියම් කාලයක් අපතේ ගියහොත් එම කාලය නැවතත් අත්පත් කරගැනීම සඳහා තරගය වෙනුවෙන් අතිරේක දිනයක් වෙන්කර තිබේ. මෙම අතිරේක දිනය යොදාගනු ලබන්නේ තරගය 22 වැනිදාට පෙර නිමා නොවූවොත් පමණි.
වසර 2019 දී ආරම්භ කරන ලද ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය මෙයයි. මීළඟ වසර දෙකක කාලය සඳහා වෙනත් තරගාවලියක් පැවැත්වේ.
කෙසේ වෙතත් ටෙස්ට් ලෝක ශූරතාවලියක ශූරයන් තෝරා ගැනීම සඳහා එක තරගයක් පමණක් පැවැත්වීම කෙරේ ඉන්දීය නායකයා වක්‍රාකාරයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ.
“ඔබ කතා කරන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගැනයි. ඒකේ හොඳම කණ්ඩායම තෝරා ගන්න තියෙන්නේ දින 5 කදී පැවැත්වෙන එක තරගයක් නම්, ඇත්ත තත්ත්වයේ යථා ස්වරූපය එය නොවේ... මට නම් මේක තවත් එක තරගයක් විතරයි” යයි විරාට් කෝලි පැවසීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.