Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයි.සී.බී.ටී. කඩයිම් තරගයට

අයි.සී.බී.ටී. කඩයිම් තරගයට

රොෂාන් ගුණරත්න - 2019 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඩ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාවේ අයි.සී.බී.ටී කණ්ඩායම අද (30 වැනිදා) සුදුසුකම් ලබාගත්තේය. ඩුබායි ස්පෝට්ස් සිටි හිදි අද (30 වැනිදා) පැවැති තරගයකදී එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මනිපාල් විශ්ව විද්‍යාල කණ්ඩායමට එරෙහිව ලකුණු 66 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 175 ක් රැස්කිරීමට සමත්විය. එහිදී ළහිරු මිලන්ත පන්දු 26 කදි හතරේ පහර 5 ක් සමගින් ලකුණු 40 ක් රැස්කළ අතර රවින් සේයර් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් රැස්කිරීමට සමත්විය. විශ්ව චතුරංග ලකුණු 24 ක් රැස්කිරීමට සමත්විය.

කාර්තික් මේයප්පන්, මුඛර්ජී රිෂාබ් සහ වල්තපා අශාවන්ත් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 176 ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබී එමීර් රාජ්‍යයට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 109 ක් පමණි. වරුණ කල්හාර ලකුණු 24 ක් සහ වල්තපා අශාවන්ත් ලකුණු 25 ක් රැස්කිරීමට සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ අයන සිරිවර්ධන සිය ඕවර 4 ලකුණු 21 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත් අතර රවින් සේයර් සහ සහන් නානායක්කාර කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේදී ‘බී’ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව ඔවුන් සහභාගීවූ තරග 2 ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද රාත්‍රියේදී පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිතව ඇත. ඒ ඒ කාණ්ඩයන්හි ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ලබාගන්නා කණ්ඩායම් අතර අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය පැවැත්වේ.

අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයෙන් ජය ගන්නා කණ්ඩායම කෙලින්ම අවසන් තරගයට සුදුසුකම් ලබාගනී. එම තරගයේදී පරාජයට පත්වන කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගින් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ තෙවැනි තරගයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවේ.

අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය නොවැම්බර් 1 වැනිදා උදෑසන පැවැත්වෙන අතර අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය එදිනම හවස පැවැත්වේ.

අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ තෙවැනි තරගය නොවැම්බර් 2 වැනිදා උදෑසන පැවැත්වෙන අතර අවසන් මහා තරගය එදින රාත්‍රියේදී ඩුබායි ස්පෝට්ස් සිටි හිදි පැවැත්වේ.


ශ්‍රී ලංකාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 175
(ළහිරු මිලන්ත 40, රවින් සේයර් 34, විශ්ව චතුරංග 24, අයන සිරිවර්ධන 19, ශෙහාන් සඳරුවන් 15, කාර්තික් මේයප්පන් 19/2, මුඛර්ජී රිෂාබ් 31/2, වල්තපා අශාවන්ත් 39/2)

එක්සත් අරාබී එමීර් රාජ්‍යය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 109
(වරුණ කල්හාර 24, වල්තපා අශාවන්ත් 25, අයන සිරිවර්ධන 21/4, රවින් සේයර් 18/2, සහන් නානායක්කාර 23/2)

 

ඡායාරූප - රෙඩ්බුල් ක්‍රිකට් වෙබ් අඩවිය අනුග්‍රහයෙනි


අදහස් (0)

අයි.සී.බී.ටී. කඩයිම් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.