Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයර්ලන්තය දකුණු අප්‍රිකාව පරදවයි

අයර්ලන්තය දකුණු අප්‍රිකාව පරදවයි

editorial - 2021 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඩබ්ලින්හිදී ඊයේ (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 43 ක ජයක් වාර්තා කළ අයර්ලන්තය, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණගැනීමට සමත් විය. දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙ වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 291 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව ඕවර 48.3 ක් අවසානයේ ලකුණු 247 කට සීමා කිරීමට අයර්ලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ආරම්භක පිතිතරු ‍ජෙනමන් මැලන් පන්දු 96 කදී හතරේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 84 ක් රැස්කරමින් අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

ලකුණු 51 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී රාසි වැන්ඩර් ඩුසේන් (49) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 134 කදී ලකුණු 108 ක සම්බන්ධතාවක් ‍ගොඩනැගීමටද ‍මැලන් සමත් විය. ජෝජ් ඩොක්රල්ගේ පන්දුවක් හමුවේ මාක් ඇඩයර් අතට උඩ පන්දුවක් දෙමින් මැලන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

ඇන්ඩි මැක්බ්‍රීන්, මාක් ඇඩයර් සහ ජොෂුවා ලිට්ල් කඩුගු 2 බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම අඩ පණ කළහ. ක්‍රේග් යංග්, සිමි සිං සහ ජෝජ් ලුවිස් කඩුල්ල බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුන්ට අනගි සහයක් දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 290 ක් ලබාගත් අතර එහිදී 7 වැනි එක්දින ශතකය ලබාගැනීමට ඇන්ඩි බැල්බර්නි (102) සමත් විය. පන්දු 117 කට මුහුණ දුන් ඔහු, හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් සිය ඉනිම සැරසූ අතර ශතකය ලබාගැනීමෙන් අනතුරුව කගිසෝ රබාඩාග් පන්දුවක් හමුවේ නායක ටෙම්බා බවුමා අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.  

ආරම්භක කඩුල්ල වෙනුවෙන් පෝල් ස්ටර්ලිං (27) සමග එක්ව ලකුණු 64 ක සමබන්ධතාවක් ගොඩනැගූ බැල්බර්නි, ඉන් නොනැවතී ඇන්ඩි මැක්බ්‍රීන් (30) සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 60 ක්ද, හැරී ටෙක්ටර් (79) සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 70 ක්ද එක් කළේය. පන්දු 68 කදී වාර්තා වූ ටෙක්ටර්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ස්ටර්ලින්ගේ ඉන්ම හතරේ පහර 4 කින්ද, බැක්බ්‍රීන්ගේ ඉනිම හතරේ පහර 2 කින්ද සමන්විත විය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජෝජ් ඩොක්රල් පන්දු 23 කදී ලකුණු 45 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.  ඇන්ඩිල් පෙලුක්වායෝ යැවූ අයර්ලන්ත ඉනිමේ අවසන් පන්දුවේදී වැන්ඩර් ඩුසේන් අතට උඩ පන්දුවක් දෙමින් ඩොක්රල් දැවී ගියේය.
 

අයර්ලන්තය - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 290
(පෝල් ස්ටර්ලින් 27, ඇන්ඩි බැල්බර්නි 102, ඇන්ඩි මැක්බ්‍රීන් 30, හැරී ටෙක්ටර් 79, ජෝජ් ඩොක්රල් 45, ඇන්ඩිල් පෙලුක්වායෝ 73/2)

දකුණු අප්‍රිකාව - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 247
(ජෙනමන් මැලන් 84, රාසි වැන්ඩර් ඩුසේන් 49, ඩේවිඩ් මිලර් 24, කගිසෝ රබාඩා 16, ඇන්ඩි මැක්බ්‍රීන් 34/2, මාක් ඇඩයර් 43/2, ජොෂුවා ලිට්ල් 45/2)


-036


අදහස් (0)

අයර්ලන්තය දකුණු අප්‍රිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.