Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයර්ලන්ත පිල එයි

අයර්ලන්ත පිල එයි

editorial - 2023 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා අයර්ලන්ත කණ්ඩායම අද සවස ශ්‍රී ලංකාවට පැමිණියේය. අයර්ලන්ත කණ්ඩායම පැමිණෙන්නේ බංග්ලාදේශයේදී පැවැති ටෙස්ට් තරගය පරාජය වීමෙන් අනතුරුවය.

වසර 2017 දී ටෙස්ට් වරම් ලබාගත් අයර්ලන්තය මේ දක්වා සහභාගි වූ ටෙස්ට් තරග 4 ම පරාජය වී තිබේ.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පැවැත්වීමට එකඟ වී තිබුණේ එක ටෙස්ට් තරගයක් වන නමුත් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන් වාතාවරණය (අරගලය) හේතුවෙන් එම ටෙස්ට් තරගය මේ වර්ෂයට කල්දමන ලදි. පසුව එය ටෙස්ට් තරග දෙකක් ලෙසට වෙනස් කෙරිණ.

- 213


අදහස් (0)

අයර්ලන්ත පිල එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.