Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල්. තරගාවලියට සමගාමීව සාජාහිදී පැවැත්වෙන කාන්තා විස්සයි20 අභියෝග තරගාවලියේ තෙවැනි තරගයේදී චමරි අතපත්තුගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ට්‍රේල්‍බ්ලේසර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට සුපර්නෝවාස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ශුද්ධ ලකුණු වේගය අනුව තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමටද සුපර්නෝවාස් කණ්ඩායමට හැකි විය.
අවසන් මහ තරගයේදීද මෙම කණ්ඩායම් දෙකම (සුපර්නෝවාස් සහ ට්‍රේල්‍බ්ලෙසර්ස්) තරග වැදීමට නියමිත අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (9 වැනිදා) පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සුපර්නෝවාස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 146 ක් ලබාගත්තේය. එහිදී අගනා පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකාරිණී චමරි අතපත්තු පන්දු 48 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 67 ක් රැස්කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
ප්‍රියා පූනියා (30) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චමරි සමත් වූවාය. පන්ද 37 කදී වාර්තා වූ පූනියාගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත විය. නායිකා හර්මන්ප්‍රීත් කෞර් පන්දු 29 කදී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. දුවද්දී දැවී යෑමකට හසුවෙමින් දැවීයන විට ශෂිකලා සිරිවර්ධන ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.
ජයග්‍රහණය සඳහා ලකුණු 147 ඉලක්කයක් හඹාගිය ට්‍රේල්‍බ්ලෙසර්ස් කණ්ඩායමට සුපර්නෝවාස් පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 144 ක් පමණි. එහිදී රාධා යාදව් සහ ශකීරා සෙල්මන් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ට්‍රේල්‍බ්ලෙසර්ස් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
තරගය ජයගැනීම සඳහා රාධා යාදව් යැවූ අවසන් ඕවරයේදී ට්‍රේල්‍බ්ලෙසර්ස් පිතිකාරිණියන්ට ලකුණු 10 ක් රැස්කිරිමට තිබිණ. එහෙත් පස්වැනි පන්දුවේදී කඩුල්ලක්ද දවාගමින් එම ඕවරය ලකුණු 7 කට සීමා කළ යාදව් සුපර්නෝවාස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ දීප්ති ශර්මා පන්දු 40 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී 43 ක් රැස්කරමින් ට්‍රේල්‍බ්ලෙසර්ස් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද, ඇයට සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට නොහැකි වූවාය. ආරම්භක පිතිකාරිණියන් වූ ඩීන්ඩ්‍රා ඩොටීන් පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක්ද, නායිකා සමිත්‍රි මන්ධනා පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක්ද රැස්කළහ.
සුපර්නෝවාස් - ඕවර 20 කදී කඩුලු 6 කට 146
(ප්‍රියා පූනියා 30, චමරි අතපත්තු 67, හර්මන්ප්‍රීත් කෞර් 31)
ට්‍රේල්‍බ්ලෙසර්ස් - ඕවර 20 කදී කඩුලු 5 කට 144
(ඩීන්ඩ්‍රා ඩොටින් 27, සමිත්‍රි මන්ධනා 33, දීප්ති ශර්මා නොදැවී 43, හර්ලීන් ඩියෝල් 27, රාධා යාදව් 30/2, ශකීරා සෙල්මන් 31/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.