Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මේ හොඳම අවස්ථාවයි.
ලෝක කුසලාන සුපිරි ලීග ප්‍රසාද ලකුණු සටහනේ 11 වැනි තැනට ඇදවැටී, පරාජයේ වේදනාව අත්විඳිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකානු පිල හමුවේ 3-0 ක තරගාවලි ජයක් අත්කරගැනීමට මිටත් වඩා හොඳ අවස්ථාවක් කවදා ලැබේවිද කියා කිය නොහැකිය.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු වැන්න හෙට (2 වැනිදා) පස්වරු 2.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. හොඳම අවස්ථව උදා වන්නේ එතැනිනි.
ක්වින්ටින් ඩි’කොක් සහ ඬේවිඞ් මිලර් වැනි පළපුරුදු ඉදිරිපෙළ පිතිකරුවන් කණ්ඩායමේ නැති බැවින් දකුණු අප්‍රිකානු පිතිහරඹය තරමක් දුර්වලව තිබීම අසත්‍යයක් නොවේ. එවන් අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකාරයේ පන්දු යවන්නන්ගෙන් පමණක් නොව, පිතිකරුවන්, තුන් ඉරියව් ක්‍රීඩකයන්, කඩුලු රකින්නන් තිදෙනකුගෙන්ද මෙන්ම උපායෙහි සමත් නායකයන් තිදෙනකුගෙන්ද සන්නද්ධව සිටී.
ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 අතුරින් කවර ආකාරයේ තරගයකදී වූවත් ලකුණු 50 ක් ලබාගත හැකි වේග පන්දු යවන්නකු (චාමික කරුණාරත්න) මෙන්ම දඟ පන්දු යවන්නකුද (වනිඳු හසරංග) ශ්‍රී ලංකාව සතුව සිටී. එපමණක් නොව, ආකාර හතරේම දඟ පන්දු යවන්නෝද ශ්‍රී ලංකා සංචිතයේ සිටිති.
විශේෂයෙන්ම පන්දුව දණහිසෙන් ඉහළට නොඑන, මන්දගාමී තණතීරුවක් ලෙසින් ලෝක ප්‍රසිද්ධියක් උසුළන, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී එක්දින තරග 3 ම පැවැත්වෙන බැවින් දකුණු අප්‍රිකාව බෙල්ලෙන් අල්ලා මෙල්ල කිරීමට ඇති හොඳම අවස්ථාව මෙයයි.
අකිල ධනංජයගේ නම දුටු පමණින් බියවන දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන පළමු තරගය සඳහා දඟ පන්දු යවන්නෝ සිව් දෙනෙක් කැඳවා සිටිති. වනිඳු හසරංග, ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් ඔවුන් අතර ඉදිරියෙන්ම සිටිති. පිතිකරුවන් අතරේ ධනංජය ද සිල්වා සිටී. දෙපැත්තෙන් පන්දු යැවීම ආරම්භ කිරීමට කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර සුදානමින් සිටිති. පන්දු රැකීම හොඳින් කෙරෙන්නේ නම් මෙවන් පන්දු යවන්නන් සමග දකුණු අප්‍රිකානු පිතිකරුවන් අමාරුවේ දැමීම අපහසු නොවේ.
ශ්‍රී ලංකා පුහුණු කාර්යමණ්ඩලයේ අපේක්‍ෂාව වනනේ පළමුවෙන් පන්දුවට පහර දුනහොත් ලකුණු 280 ක් හෝ වැඩි ගණනකි. පළමුවෙන් පන්දු යවන්නේ නම් දකුණු අප්‍රිකානුවන් 250 කට මෙහායින් නවතා ගැනීමකි.
ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් වේ නම් “මට කොතැනත් එකයි” කියන කගීසෝ රබාඩා සහ දඟ පන්දු යවන්නන් දෙදෙනා වන තබ්රේෂ් ශම්සි සහ කේෂව් මහාරාජ් පමණි. සෙසු පන්දු යවන්නන් හමුවේ ගනුදෙණුව බේරා ගැනීමට ශ්‍රී ලංකා පිලේ තරුණ පිතිකරුවන් සමත් වෙතොත් කණ්ඩායම තුළ තම තමන්ගේ ස්ථාන රැකගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.
ඉන්දීය පිලට එරෙහිව පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූ කුසල් ජනිත් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම හෙට තරගයට පිවිසේය යන්න ස්ථිරව කිව නොහැකිය. විශේෂයෙන්ම ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගය ජයගත් කණ්ඩායම ඉතා සාර්ථකව තරගාවලිය නිමකළ හෙයින් පුහුණු කාර්ය මණ්ඩලය ඔවුන් කෙරේ විශ්වාසය තබා තිබේ.
තත්ත්වය එසේ වූවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින තරුණ පිතිකරුවන් අමතක නොකළ යුතු දෙයක් තිබේ. එනම් හෙට තරගයේදී ක්‍රීඩා කළත්, නැතත්, ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් දෙදෙනකු වන කුසල් ජනිත් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම 11 දෙනා අතරට එක්වීමට අවස්ථාවක් ලැබෙන තුරු බංකුවේ බලා සිටින බවයි.
අනෙක් අතට, ඉතිහාසය පුරාම දකුණු අප්‍රිකානුවන්ගේ ශක්තිය වූයේ වේග පන්දුව අතහැර යාමට ඔවුන් මැළි වෙතොත් එය පුදුමයට කරුණක් නොවේ. වසර 2000 ශ්‍රී ලංකා සංචාරයේදී දඟ පන්දුව කෙරේ වැඩි විශ්වාසය තැබීමට යාමෙන් ෂෝන් පොලොක් ඇතුළු පිරිස අමතක නොවන පාඩමක් ඉගෙන ගත්හ. එබැවින් කගිසෝ රබාඩා, ඇන්රිච් නොයේ, ජුනීයර් ඩාලා සහ ලීසාඞ් විලියම්ස් යන වේග පන්දු යවන්නන් සිව් දෙනා මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ඞ්වේන් ප්‍රිටෝරියස්, ඇන්ඩිල් පෙලුක්වායෝ සහ වියාන් මල්ඩර් කෙරෙහිද දකුණු අප්‍රිකානුවන් වැඩි විශ්වාසයක් තබනු ඇත.
ලෝක කුසලාන සුපරි ලීගයේදී ශ්‍රී ලංකා 11 වැනි ස්ථානයේත්, දකුණු අප්‍රිකාව 10 වැනි ස්ථානයේත් සිටිති. එහෙත් මව්බිමේ වාසියත්, ක්‍රීඩකයන් අතරේ වාසියත් ශ්‍රී ලංකාව සතු බව රහසක් නොවේ.
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු කුමාර, ළහිරු මධුශංක, පුලින තරංග සහ මහේෂ් තීක්‍ෂණ
දකුණු අප්‍රිකානු සංචිතය
ටෙම්බා බවුමා (නායක), බියුරන් හෙන්රික්ස්, රීසා හෙන්රික්ස්, හෙන්රික් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඩි, ජැනේමාන් මාලන්, කේෂව් මහාරාජ්, ඒඩ්න් මාක්‍රම්, වියාන් මල්ඩර්, ඇන්රික් නෝයේ, ඇන්ඩිල් පෙලුක්වායෝ, ඩ්වේන් ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, තබ්රේස් ශම්සි, ලූතෝ සිපාම්ලා, රාසි වැන්ඩර්-ඩසන්, කයිල් වර්රීන් සහ ලිසාඩ් විලියම්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.