Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලියට ප්‍රේක්‍ෂකයෝ

ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලියට ප්‍රේක්‍ෂකයෝ

editorial - 2021 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලබන බදාදා ආරම්භවීමට නියමිත සීමිත ඕවර තරගාවලියේදී නරඹන්නන්ට පනවා ඇති සීමා සහ නීති රීති ඉවත් කිරීමට එංගලන්ත රජය සූදානම් වෙයි. එය පරීක්‍ෂණ මට්ටමේ තීරණයක් විය හැකි නමුත් තරගාවලිය සඳහා බලාපොරොත්තු වූවාට වඩා වැඩි ප්‍රේක්‍ෂක පිරිසක් සහභාගි විය හැකි බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය අපේක්‍ෂා කරයි.

කාඩීෆ්, සදම්ප්ටන්, ඩර්හැම්, ලන්ඩන් සහ බ්‍රිස්ටල් යන නගර වලදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ එක් එක් ස්ථාන වලදී තරග නැරඹිය හැකි සංඛ්‍යාවන් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් තවමත් නිකුත් කර නැත. එහෙත් ඒ සඳහා මෙතෙක් පැවති සීමා සහ නීති රීති ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

එංගලන්තය සහ නවසීලන්තය අතර එජ්බැස්ටන් නුවරදී පැවැති ටෙස්ට් තරග දෙක සඳහා දිනයකදී 17,000 ක පමණ ප්‍රේක්‍ෂක පිරිසකට තරග නැරඹීමේ අවස්ථාව දීම එංගලන්තය කළ පරීක්‍ෂණයක් විය. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය මෙන්ම පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සීමිත ඕවර තරගාවලියද ප්‍රේක්‍ෂකයන්ට තරග නැරඹීමේ අවසරය හිමි තරගාවලියක් ලෙස නම්කර තිබේ.

“ක්‍රීඩාව සජීවී ලෙසින් නරඹන්න්නටත් අනෙක් සංස්කෘතික කටයුතුත් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පැමිණවීමට අපි හැකි සෑම දෙයක්ම කරනවා” යයි එංලන්තයේ සංස්කෘතික සහ ක්‍රීඩා ලේකම් ඔලිවර් ඩව්ඩන් මහතා පැවසීය.

- 213

 


අදහස් (0)

ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලියට ප්‍රේක්‍ෂකයෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.