Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා අයැදුම්කර සිටි එංගලන්ත ජාතික පෝල් ෆාස් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු තනතුර ප්‍රතික්ෂේප කර ඇතැයි ‘ද ක්‍රිකටර්’ සඟරාව කියයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු තනතුර බාරගැනීම පසෙක තබා තවදුරටත් වෝවික්ෂයර් ප්‍රාන්තයේ පුහුණුකරු වශයෙන්ම කටයුතු කිරීමට ෆාබ්‍රේස් මහතා තීරණය කර තිබේ.
වෝවික්ෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් මධ්‍යස්ථානය පිහිටි ‘එජ්බැස්ටන්හි’ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වන ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් 2014 දී කටයුතු කළේය.
එදවස ඔහු හැර ගිය තනතුරට නැවත පැමිණීමට වසර 7 කට පසුව ෆාබ්‍රේස් මහතා ඉදිරිපත් වූවද අවසන් මොහොතේදී එම අදහස වෙනස් කර තිබේ.
මේ වනවිට 54 හැවිරිදි ෆාබ්‍රේස් මහතා වසර 2019 දී එම තනතුරට පත්වූයේ ඈෂ්ලි ජයිල්ස් මහතා තනතුරෙන් ඉවත්වීමත් සමගිනි. එතැන් සිට ෆාබ්‍රේස් මහතා වෝවික්ෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් අධ්‍යක්‍ෂනරයා වශයෙන් ඉතාමත් සාර්ථක කාලයක් ගතකළේය.
වෝවික්ෂයර් ප්‍රාන්තය, වසර නවයකට පසුව, පසුගිය වසරේදී ප්‍රාන්ත ශූරතා ශූරතාව දිනාගත්තේය. අනතුරුව ලෝඩ්ස්හිදී ලැන්කෂයර් පිලට එරෙහිව ජයග්‍රහණය කරමින් බොබ් විලිස් කුසලානයට හිමිකම් කීවේය.
මෙම සාර්ථකත්වය නිසාම, ෆාබ්‍රේස් මහතා තවදුරටත් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී සිටීමට තීරණය කර ඇතැයි කියැවේ. ෆාබ්‍රේස් මහතා, තමන් තවදුරටත් වොවික්ෂයර් ප්‍රාන්තයේ රැඳී සිටින බව පසුගිය බ්‍රහස්පතින්දා වෝවික්ෂයර් ප්‍රාන්ත බලධාරීන් වෙත දැනුම් දුන්නේය. කෙසේ වෙතත් ඔහුගේ තීරණය පසුපස වෙනත් හේතුවක් ඇතැයි අනුමාන කළ හැක්කේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරු තනතුර සඳහා අයැදුම් කළේ එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නිමා වීමෙන් මාස කිහිපයකට පසුව වන බැවිනි.
ෆාබ්‍රේස් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම හැරගියේ ශ්‍රී ලංකා කණ්ඩායම 2014 විස්සයි-20 ලෝක කුසලන දිනා ගැනීමෙන් දෙසතියකට පසුවය. ඒ වන විටත් ඔහුගේ කොන්ත්‍රාත් කාලයෙන් ගෙවී තිබුණේ මාස තුනක් පමණි. ප්‍රධාන පුහුණුකරුවාගේ තනතුරේ සිට ඔහු පිටත්ව ගියේ එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරුවා වීමටය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර මහතා පසුගිය වසර අවසානයේ ඩර්බිෂයර් ප්‍රාන්තයට එක්විය. ආතර් මහතා සේවා දිගුවක් බලාපොරොත්තුව සිටි නමුත් ඔහුට එය නොලැබිණ. මිකී ආතර් මහතාගේ සමුගැනීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ප්‍රධාන පුහුණුකරුවෙකු අවශ්‍ය වී තිබේ.
නිමාවූ සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් රුමේෂ් රත්නායක මහතා කටයතු කළ අතර ලබන මාසයේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු සංචාරය සඳහාත් පුහුණුකරුවා වශයෙන් රුමේෂ් රත්නායක මහතා පත්කර තිබේ. කෙසේ වෙතත් මෙය තාවකාලික පත්වීමකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම් කරන්න’යි දැන්වීම් පළකිරීමෙන් පසුව අයැදුම්පත් 30 කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී තිබිණ. එහෙත් පුහුණුකරුවා තෝරාගැනීමේ වගකීම බාරගත් ක්‍රිකට් උපදේශක මණ්ඩලය අපේක්‍ෂා කළ තරමේ ගුණාත්මක භාවයෙන් උසස් අයැදුම්පත් ඊට ලැබී නොතිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.