Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හුදකලාව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ හෙදර් නයිට් (නොදැවී 127) එංගලන්ත පිල අවමානයෙන් බේරාගනිමින් ශතකයක් වාර්තා කළාය. ඕස්ට්‍රේලියානු කාන්තා පිලට එරෙහිව කැන්බරාහිදී පැවැත්වෙන කාන්තා අළු බඳුන එකම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (28 වැනිදා) තරගය අවසන් කරන විට එංලන්ත කාන්තා පිල සිය පළමු ඉනිමේදී ලකුණු 235 කට කඩුලු 8 ක් අහිමිකරගෙන සිටියේය.
මෙහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ හෙදර් නයිට් පන්දු 249 කදී හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 127 ක් සහ සොෆියා එක්ලෙස්ටන් පන්දු 70 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 27 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ලකුණු 169 කට කඩුලු 8 ක් දැවී තිබියදී හෙදර් නයිට් සහ සොෆියා එක්ලෙස්ටන් එක්ව 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැඟීමට සමත්වූහ. ඒ අනුව ඕස්ට්‍රේලියා කාන්තා පිල පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 337 ට ලකුණු 102 ක් පසුපසින් එංගලන්ත පිල මේ වනවිට පසුවිය.
එලිස් පේරී සහ ඇනබල් සදර්ලන්ඩ් කඩුලු 2 බැගින්ද, ඩාර්සි බ්‍රවුන්, ඇලානා කිංග්, ජෙස් ජොනසන් සහ ඈෂ්ලි ගාඩ්නර් එක් කඩුල්ලක් බැගින් දවාගනිමින් ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පළමු දිනට පෙරේදා (27 වැනිදා) තරගය අවසන් කරන විට කඩුලු 7 කට ලකුණු 327 ක් රැස්කරගෙන සිටි ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම, අද දිනයේදී තවත් කඩුලු 2 ක් ලකුණු 10 ක් තුළ අහිමිකර ගැනීමෙන් පසුව සිය පළමු ඉනිම අත්හිටුවීය.
ඕස්ට්‍රේලියා පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 337
(රුචෙල් හේන්ස් 86, මෙග් ලැනිංග් 93, ටාලියා මැක්ග්‍රාත් 52, ඈෂ්ලි ගාර්ඩ්නර් 56, කැතරින් බෘන්ට් 60/5, නැට් සේවියර් 41/3)
එංගලන්ත පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 235
(හෙදර් නයිට් නොදැවී 127, සොෆියා එක්ලෙස්ටන් නොදැවී 27, එලිස් පේරී 35/2, ඇනබල් සදර්ලන්ඩ් 52/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.