Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම තෝරා ගැනීම සඳහා හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර අද (8 වැනිදා) අබුඩාබිහිදී දෙවැනි කඩයිම් තරගය පැවැත්වේ. මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම, අඟහරුවාදා (10) ඩුබායිහි පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.
සිකුරාදා (6 වැනිදා) අබුඩාබිහිදී පැවැති පරාජිතයන් ඉවත් කිරීමේ තරගයේදී බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පරාජයට පත්කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම, දිල්ලි කැපිටල්ස් පිලට එරෙහිව තරග කිරීමට සුදුසුකම් ලබාගත්තේය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි පිල අතර පැවැති පළමු කඩයිම් තරගයේදී පරාජය වූ දිල්ලි කණ්ඩායම ඊයේ තරගයට මුහුණ දුන්නේ දෙවැනි උත්සාහයේදී හෝ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ අටියෙනි.
සිකුරාදා පැවැති පරාජිතයන් ඉවත් කිරීමේ තරගයේ ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී පන්දු 2 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 65 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ කේන් විලියම්සන් (නොදැවී 50) සහ ජේසන් හෝල්ඩර් (නොදැවී 24) හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
පන්දු 44 කට මුහුණදුන් විලියම්සන් හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 20 කදී වාර්තා වූ හෝල්ඩර්ගේ ඉනිමට හතරේ පහර 3 ක් අන්තර්ගත විය. මනීෂ් පාණ්ඩේ පන්දු 21 කදී ලකුණු 24 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජේසන් හෝල්ඩර් ලකුණු 25 කටකඩුලු 3 ක් දවාගත්තේ බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලිගේ (06) කඩුල්ලද සමගිනි. බැංගලෝර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 43 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය. ඒරන් ෆින්ච් පන්දු 30 කදී ලකුණු 32 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ඔවුන් දෙදෙනා හැරුණුකොට ලකුණු 10 සීමාව පසුකර යෑමට පවා බැංගලෝර් කණ්ඩායමේ සෙසු පිතිකරුවෝ අසමත් වූහ.
බැංගලෝර් රෝයල් චැචෙල්ජර්ස් - ඕවර 20 කදී කඩුලු 7 කට 131
(ඒරන් ෆින්ච් 32, ඒ.බී. ඩිවිලියස් 56, ජේසන් හෝල්ඩර් 25/3, ටී. නටරාජන් 33/2)
සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 19.4 කදී කඩුලු 4 කට 132
(ඩේවිඩ් වෝනර් 17, මනීෂ් පාණ්ඩේ 24, කේන් විලියම්සන් නොදැවී 50, ජේසන් හෝල්ඩර් නොදැවී 24, මොහොමඩ් සිරාජ් 28/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.