
සම්මු අශාන් (60) සහ අශේන් බණ්ඩාර (නොදැවී 76) එක්ව 6 වැනි කඩුල්ල සඳහා පැවැත්වූ ශතක සම්බන්ධතාව හේතුවෙන් ප්‍රිටෝරීයස්හිදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම ඊයේ (29 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම ඕවර 38.2 කදී කඩුලු 6 ක් දැවී තරගය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
ලකුණු 43 කට කඩුලු 5 ක් අහිමිකරගනිමින් ශ්‍රී ලංකා පිල දැඩි අසීරූතාවයක පත්වුවද ඉන් නොසැලුණු සම්මු අශාන් සහ අශේන් බණ්ඩාර එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 163 කදී ලකුණු 132 ක සම්බන්ධතාවයක් පවත්මින් ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන යාමට සමත්වූහ.
සම්මු අශාන් පන්දු 104 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 60 ක් සහ අශේන් බණ්ඩාර පන්දු 78 කදී හතරේ පහර 12 ක් සමගින් නොදැවී ලකුණු 76 ක් ද රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
තන්ඩෝ න්ටිනි ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ජයග්‍රහණය කරා සිය කණ්ඩායම රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 46 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 185 ක් පමණි.
සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 71 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ටෝනී ද සෝසී සහ මැතිව් බි්‍රට්ස්කේ සමත්වුවද ලකුණු පුවරුව 115 ක් වනවිට දකුණු අප්‍රිකානු පිලේ කඩුලු 4 ක් දැවී ගියේය.
ටෝනී ද සෝසී පන්දු 79 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 58 ක් රැස්කළ අතර මැතිව් බි්‍රට්ස්කේ පන්දු 34 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 27 ක් රැස්කිරීමට සමත්විය.
නමුත් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් පවත්වමින් ඉනිම ගොඩනැගීමට ජේසන් ස්මිත් (33) සහ වැන්ඩිල් මක්වෙටු (25) සමත්වුවද අවසන් කඩුලු 6 ලකුණු 24 ක් තුල දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
අමිල අපෝන්සු සිය ඕවර 10 ලකුණු 22 කට සීමාකරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 3 ක් සහ අසිත ප්‍රනාන්දු ඕවර 8 ක් යවමින් ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ. කමිඳු මෙන්ඩිස් ලකුණු 41 කට කඩුලු 2 ක් දවාගත්තේය.
දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම - ඕවර 46 කදී සියලුදෙනා දැවී 185
(ටෝනී ද සෝසී 58, මැතිව් බ්‍රිට්ස්කේ 27, ජේසන් ස්මිත් 33, වැන්ඩිල් මක්වෙටු 25, අමිල අපෝන්සු 22/3, අසිත ප්‍රනාන්දු 33/3, කමිඳු මෙන්ඩිස් 41/2)
ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම - ඕවර 38.2 කදී කඩුලු 6 ක් දැවී 187
(සඳුන් වීරක්කොඩි 20, සම්මු අශාන් 60, අශේන් බණ්ඩාර නොදැවී 76, තන්ඩෝ න්ටිනි 46/5)
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.