Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියේ ඩුබායි ස්පෝට්ස් සිටි හිදි ඊයේ (27 වැනිදා) පැවැති තරගයකදී පාකිස්තානයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ අයි.සී.බී.ටී කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 152 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 17.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
වේගවත් පිතිහරඹයක නිරතවූ ප්‍රියමාල් පෙරේරා සහ හිමාෂ ලියනගේ අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. ප්‍රියමාල් පෙරේරා පන්දු 35 කදී නොදැවී ලකුණු 52 ක් රැස්කළ අතර හිමාෂ ලියනගේ පන්දු 28 කදී නොදැවී ලකුණු 51 ක් රැස්කිරීමට සමත්විය.
මුහම්මද් සයිෆුල්ලා ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගත් අතර මොසැම් මලික් ලකුණු 28 කට කඩුල්ලක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තානයට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 151 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
තහමී සයිඞ් පන්දු 33 කදී ලකුණු 37 ක් ද, ශසාර් හසන් පන්දු 22 කදී ලකුණු 30 ක් සහ කෂීෆ් ඉක්බාල් පන්දු 25 කදී ලකුණු 29 ක් රැස්කරමින් පාකිස්තාන ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.
අනුක් ප්‍රනාන්දු සිය ඕවර 4 ලකුණු 23 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර ජනිත් ලියනගේ සහ මහේෂ් තීක්‍ෂණ කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකාව සහභාගීවන දෙවැනි සහ අවසන් තරගය හෙට (29 වැනිදා) එක්සත් අරාබී එමීර් රාජ්‍යය සමගින් පැවැත්වේ.
පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 151
(තහමී සයිඞ් 37, ශසාර් හසන් 30, කෂීෆ් ඉක්බාල් 29, අනුක් ප්‍රනාන්දු 23/2, ජනිත් ලියනගේ 21/1, මහේෂ් තීක්‍ෂණ 23/1)
ශ්‍රී ලංකාව - ඕවර 17.3 කදී කඩුලු 3 ක් දැවී 156
(ප්‍රියමාල් පෙරේරා නොදැවී 52, හිමාෂ ලියනගේ නොදැවී 51, මුහම්මද් සයිෆුල්ලා 28/2, මොසැම් මලික් 28/1)
Chamil Priyantha Wednesday, 30 October 2019 10:33 AM
මේ පාරත් කප් එක ලංකාවට ගේන්න කොල්ලනේ. ජයවේවා!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.