Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රෝහිත් ඉන්දීය පිලට තෝරාගනී

රෝහිත් ඉන්දීය පිලට තෝරාගනී

editorial - 2020 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉන්දියානු කණ්ඩායමේ ඕස්ටේ්‍රලියානු සංචාරය සඳහා නම් කරන ලද ටෙස්ට් සංචිතයට එක්දින සහ විස්සයි20 කණ්ඩායම්හි උපනායක රෝහිත් ෂර්මා ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ආබාධයක් හේතුවෙන් මින් පෙර සංචිත නම් කිරීමේදී ෂර්මාගේ නම ඇතුළත් නොවූ නමුත් ඔහුගේ ආබාධය සුව වීමෙන් පසුව අයි.පී.එල් තරග සඳහා නැවන එක්වූ ඔහුව තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පමණක් කැඳවා ඇත. එක්දින හා විස්සයි20 තරගාවලියන් සඳහා විවේක ගන්වා ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම විසින් රෝහිත් ෂර්මාගේ යෝග්‍යතාවය පිළිබඳව අධීක්ෂණය කර ඇති අතර ඒ පිළිබඳව තේරීම් කමිටුවට දන්වා ඇත. එම දැනුම්දීමෙන් පසුව බෝඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් සංචිතයට ෂර්මා ඇතුළත් කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

ඇඩිලේඞ් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව විරාට් කෝලී නැවන ඉන්දියාව බලා පිටත්ව යන අතර ඔහුගේ අඩුව පිරවීමට ජේෂ්ඨ ක්‍රීඩක රෝහිත් ෂර්මාගේ එක්වීම ඉන්දීය කණ්ඩායමට මහත් පිටිවහලක් වනු ඇත.

මේ අතර තමිල්නාඩු දඟ පන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්තිගේ උරහිසේ ආබාධයක් හේතුවෙන් විස්සයි20 තරගාවලියෙන් ඉවත් වී ඇති අතර ඔහු වෙනුවට ටී. නටරාජන් ආදේශ කර ඇත. අයි.පී.එල් තරගාවලියේදී ආබාධයකට ලක්වූ ඉෂාන්ත් ෂර්මා මේ වනවිට සුවය ලබා බැංගලෝර් ජාතික ක්‍රිකට් ඇකඩමියේ පුහුණුවීම් කටයුතු කරමින් සිටින අතර තරඟ යෝග්‍යතාවය නැවත ලබාගත් පසු ඔහු ඉන්දීය ටෙස්ට් සංචිතයට ඇතුළත් කරනු ඇත. අතිරේක කඩුලු රකින්නා ලෙස සංජු සැම්සන් එක්දින සංචිතයට ඇතුළත් කර තිබේ.

එක්දින තරග මේ මස 27, 29 සහ දෙසැම්බර් 2 යන දිනවලදී පැවැත්වෙන අතර විස්සයි 20 තරග දෙසැම්බර් 4, 6 සහ 8 යන දිනවලදී පැවැත්වේ. ටෙස්ට් තරග දෙසැම්බර් 17, දෙසැම්බර් 26, ජනවාරී 7 සහ ජනවාරී 15 ආරම්භවීමට නියමිතව ඇත.

විස්සයි20 සංචිතය:
විරාට් කෝලි (නායක), ශිකර් ධවාන්, මයාන්ක් අගර්වාල්, ලෝකේෂ් රාහුල් (උප නායක), ශ්‍රියාස් අයියර්, මනීෂ් පාණ්ඬේ, හර්දික් පාණ්ඩ්‍යා, සංජු සැම්සන්, රවීන්ද්‍ර ජඬේජා, වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහල්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඞ් ෂාමි, නව්දීප් සයිනි, දීපක් චහාර්, ටී නටරාජන්.

එක්දින සංචිතය:
විරාට් කෝලි (නායක), ශිකර් ධවාන්, ෂුබ්මන් ගිල්, ලෝකේෂ් රාහුල් (උප නායක), ශ්‍රියාස් අයියර්, මනීෂ් පාණ්ඬේ, හර්දික් පාණ්ඩ්‍යා, මයාන්ක් අගර්වාල්, රවින්ද්‍ර ජඬේජා, යුස්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදව්, ජස්ප්‍රිට් බුම්රා, නව්දීප් සයිනි, ෂර්දුල් ඨාකූර්, සංජු සැම්සන්.

ටෙස්ට් සංචිතය:
විරාට් කෝලි (නියක), රෝහිත් ෂර්මා, මයාන්ක් අගර්වාල්, ප්‍රිත්වි ෂෝ, චෙතේෂ්වර් පුජාරා, ලෝකේෂ් රාහුල්, අජින්ක්‍යා රහනේ (උපනායක), හනුමා විහාරී, ෂුබ්මන් ගිල්, විර්දිමාන් සාහා, රිෂාබ් පාන්ට්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඞ් ෂාමි, උමේෂ් යාදව්, නව්දීප් සයිනි, කුල්දීප් යාදව්, රවින්ද්‍ර ජඬේජා, රවිචන්ද්‍ර අශ්වින්, මොහොමඞ් සිරාජ්

 

- 2079

 


අදහස් (0)

රෝහිත් ඉන්දීය පිලට තෝරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.