Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා බ්‍රහස්පතින්දා (5 වැනිදා) ඩුබායිහිදී පැවැති පළමු කඩයිම් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 57 ක ජයක් වාර්තා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වේලාසනින්ම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය.
මුම්බායි කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ 6 වැනි අවස්ථාව මෙයයි. මින් පෙර අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අවස්ථා 5 න් 4 කදීම (2013, 2015, 2017, 2019) තරගාවලියේ ශූරයන් බවට පත්වීමට මුම්බායි කණ්ඩායම සමත් විය. 2010 වසරේදී පමණක් ඔවුන්ට අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
මෙම තරගයේදී පරජයට පත්වුවද, දිල්ලි කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා තවත් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ සඳහා ඔවුන් පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් ජයගන්නා කණ්ඩායම ෙවැනි කඩයිම් තරගයේදී පරාජය කළ යුතුය. එසේ වුවහොත් එය වසර 13 ක අයි.පී.එල්. ඉතිහාසයේ දිල්ලි කණ්ඩායමක් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නා පළමු අවස්ථාව වනු ඇත.
බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පරාජිතයන් ඉවත් කිරීමේ තරගය අද (6 වැනිදා) අබුඩාබිහිදී පැවැත්වේ. ඉන් ජය ගන්නා කණ්ඩායම සහ දිල්ලි කණ්ඩායම අතර තෙවැනි කඩයිම් තරගයද අනිද්දා (8 වැනිදා) අබුඩාබිහිදීම පැවැත්වීමට නියමිතය.
බ්‍රහස්පතින්දා පැවැති පළමු කඩයිම් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට ජස්ප්‍රීට් බුම්රා ප්‍රමුඛ මුම්බායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143 පමණි. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ බුම්රා, සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළීය.
ට්‍රෙන්ට් බෝල්ට්ගේ සහ බුම්රාගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ මුල් පිතිකරුවන් තිදෙනාම ලකුණු නොළබා දැවී ගිය අතර වරෙක දිල්ලි ලකුණු පුවරුව ලකුණු 0 කට කඩුලු 3 ක් ලෙස සටහන් විය. මුලු ලකුණු සංඛ්‍යාව 41 ක් වන විට 5 වැනි කඩුල්ලත් බිඳවැටෙද්දී දිල්ලි ඉනිමට නව ජවයක් එක්කළ මාකස් ස්ටොයිනිස් (65) සහ අක්සර් පටේල් (42) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ.
ස්ටොයිනිස්ගේ කඩුල්ල බිඳ දැමීමට බුම්රා සමත් වීමත් සමග දිල්ලි කණ්ඩායමේ 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාව මෙන්ම ජයග්‍රහණය සඳහා තබා තිබූ අවසන් බලාපොරොත්තුවද බිඳවැටිණ. පන්දු 46 කදී වාර්තා වූ ස්‍ටොයිනිස්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත වෙද්දී, පන්දු 33 කදී වාර්තා වූ පටේල්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 200 ක් ලබාගත් අතර එහිදී සූර්යකුමාර් යාදව් (51) සහ ඉෂාන් කිෂන් (නොදැවී 55) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 38 කට මුහුණදුන් යාදව් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු රැස්කළ අතර පන්දු 30 කට මුහුණදුන් කිෂන් හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසීය.
ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 40 ක් රැස්කරමින් මුම්බායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ හර්දීක් පාණ්‍ඩ්‍යා පන්දු 14 කදී හයේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කරමින් මුම්බායි ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව දක්වා රැගෙන ගියේය.
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 200
(ක්වින්ටින් ඩි’කොක් 40, සූර්යකුමාර් යාදව් 51, ඉෂාන් කිෂන් නොදැවී 55, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 37, රවිචන්ද්‍රන් අෂ්වින් 29/3)
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කඩුලු 8 කට 143
(මාකස් ස්ටොයිනිස් 65, අක්සර් පටේල් 42, ජස්ප්‍රීට් බුම්රා 14/4, ට්‍රෙන්ට් බොල්ට් 09/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.