Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජොස් බට්ලර්ගේ (නොදැවී 83) සහ ජොනී බෙයාර්ස්ටෝගේ (නොදැවී 40) වේගවත් පිතිහරඹයෙන් ඉන්දියාවට එරෙහිව අහ්මදාබාද්හිදී ඊයේ (16 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගය කඩුලු 8 කින් ජයගැනීමට එංලන්තය සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්තයට හැකිවිය.
කායියේ වාසිය දිනූ එංලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ.
හුදකලා පිතිහරඹයක නිරතවූ නායක විරාට් කෝලී පන්දු 46 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 77 ක් රැස්කරමින් ඉන්දීය ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය. රිෂාබ් පාන්ට් ලකුණු 25 ක් ලබාගත්තේය.
මංගල තරගයේදී අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ඉෂාන් කිෂාන්ට මෙම තරගයේදී සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවීය.
මාක් වුඩ් කඩුලු 3 ක් සහ ක්‍රිස් ජෝදාන් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය ඕවර 18.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය. ආරම්භක පිතිකරු ජොස් බට්ලර් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 52 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 83 ක් රැස්කරමින් එංගලන්ත පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
ජොස් බට්ලර්ට අනගි සහයක් ලබාදුන් ජොනි බෙයාර්ස්ටෝ පන්දු 28 කදි හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 40 ක් ලබාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට දායක විය.
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 156
(විරාට් කෝලී නොදැවී 77, රිෂාබ් පාන්ට් 25, මාක් වුඩ් 31/3, ක්‍රිස් ජෝදාන් 35/2)
එංගලන්තය - ඕවර 18.2 කදී කඩුලු 2 ක් දැවී 158
(ජොස් බට්ලර් නොදැවී 83, ජොනි බෙයාර්ස්ටෝ නොදැවී 40)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.