Last Update  :  2025-10-18 21:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පාකිස්තාන - නවසීලන්ත තරගයත් වැස්සට සේදෙයි
කාන්තා ලෝක කුසලාන - 2025

පාකිස්තාන - නවසීලන්ත තරගයත් වැස්සට සේදෙයි

editorial - 2025 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය) 

නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. තරගයේ ප්‍රසාද ලකුණු 1 ක් බැගින් දෙපිලටම බෙදී ගිය හෙයින් ප්‍රසාද ලකුණු 4 ක් සහිත නවසීලන්තය සහ ඉන්දියාව කරට කර පැමිණ සිටී.  

තරග 5 කින් එකක් වත් ජයගත නොහැකි වූ පාකිස්තානය ප්‍රසාද ලකුණු පුවරුවේ පතුලටම වැටීමෙන් අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවට පත්විය. 

අදත් නියමිත වේලාවට තරගය ආරම්භ වූ නමුත් ඊයේ වාගේම ඕවර 12 ක් අවසානයේදී වර්ෂාව ආරම්භ විය. ඕවර 12.2 කට පසුව තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානු කාන්තාවෝ කඩුලු 3 කට ලකුණු 52 ක් ලබා සිටියහ.   

දිගු වේලාවක් තරගය ආරම්භ කළ නොහැකි විය. රාත්‍රී 7.50 ට පමණ තරගය නැවතත් ආරම්භ කිරීමට විනිසුරුවරුන් සූදානම් වූ නමුත් ඊට විනාඩි 10 කට පමණ පෙර යළි ආරම්භ වූ වර්ෂාව සහ අකුණු ගැසීම හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය. 

පාකිස්තානු කාන්තා කණ්ඩායම - ඕවර 25 කදී කඩුලු 5 ක් දැවී 92 යි
(මුනිබා අලී 22, ආලියා රියාස් නොදැවී 28, නතාලියා පර්වේස් 10, ලී තාහුහු 20/2)


අදහස් (0)

පාකිස්තාන - නවසීලන්ත තරගයත් වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.