Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව චිතගොන් නුවර සහුර් අහමඞ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය අද (30 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තානයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානුවෝ කඩුලු 2 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ.
සිව්වැනි දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 109 ක් ලබා සිටි පාකිස්තානු කණ්ඩායම, අද දිනයේදී කඩුලු 2 ක් දැවී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 94 ක් එක්කර ගනිමින් තරගය ජයගත්තේය. අසාර් අලී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 24 ක්ද, නායක බාබර් අසාම් හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 13 ක්ද රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ අබීඞ් අලී (91) සහ අබ්දුල්ලා ශෆීක් (73) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 151 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. එහිදී හතරේ පහර 8 ක් සමග ලකුණු රැස්කළ ශෆීක් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට මෙහෙදි හසන් සමත් වීමත් සමග පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය.
පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් අබීඞ් අලී, දෙවැනි ඉනිමේදීද සාර්ථක පිතිහරඹයක නිරත වූ නමුත් ශතකය පෙනි පෙනී සිටියදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. තරමක් වේගයෙන් ලකුණු රැස්කළ අබීඞ්ගේ ඉනිම හතරේ පහර 12 කින් සමන්විත විය. ඉනිම් දෙකේදී ලකුණු 204 ක් රැස්කිරීමට සමත්වීම හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 330
පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 286
බංග්ලාදේශ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 157
පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 203
(අබීඞ් අලී 91, අබ්දුල්ලා ශෆීක් 73, අසාර් අලී නොදැවී 24, බාබර් අසාම් නොදැවී 13)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.