Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පන්දු යවන්නියෝ ට්‍රේල්බ්ලෙසර්ස් පිල දිනවති

පන්දු යවන්නියෝ ට්‍රේල්බ්ලෙසර්ස් පිල දිනවති

editorial - 2020 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නියන්ගේ විශිෂ්ඨ දස්කම් හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියට සමගාමීව සාජාහිදී පැවැත්වෙන කාන්තා විස්සයි20 අභියෝග තරගාවලියේ දෙවැනි තරගයේදී වෙ‍ලෝසිටි කණ්ඩායමට ‍එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට ට්‍රේල්බ්ලෙසර්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 48 ක පහසු ඉලක්කයක් හඹාගිය ට්‍රේල්බ්ලෙසර්ස් ක්‍රීඩිකාවෝ ඕවර 7.5 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 37 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනැගූ ඩීන්ඩ්‍රා ඩොටීන් (නොදැවී 29) සහ රිචා ඝෝෂ් (නොදැවී 13) සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් වෙලෝසිටි කණ්ඩායමට සොෆී එක්ලෙස්ටන් ප්‍රමුඛ ට්‍රේල්බ්ලෙසර්ස් පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 15.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 47 ක් පමණි.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සොෆී, ඕවර 3.1 කදී කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූයේ ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 9 ක් පමණක් ලබාදෙමිනි. වෙලෝසිටි ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ‍සොෆීට අනගි සහායක් දුන් ජුලාන් ‍ගෝස්වාමි සහ රාජේෂ්වරී ගයක්වාද් කඩුලු 2 බැගින් බිඳහෙළූහ.

වෙලෝසිටි පිල - ඕවර 15.1 කදී සියලු දෙනා දැවී 47

(ශෆාලි වෙර්මා 13, සොෆී එක්ලෙස්ටන් 09/4, ජුලාන් ‍ගෝස්වාමි 13/2, රාජේෂ්වරී ගයක්වාද් 13/2)

ට්‍රේල්බ්ලෙසර්ස් පිල - ඕවර 7.5 කදී කඩුල්ලක් දැවී 49

(ඩීන්ඩ්‍රා ඩොටීන් නොදැවී 29, රිචා ඝෝෂ් නොදැවී 13)

-036


අදහස් (0)

පන්දු යවන්නියෝ ට්‍රේල්බ්ලෙසර්ස් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.