
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරගාවලි 3 සඳහා මූලික සංචිත තුනක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ටෙස්ට් තරගාවලිය සඳහා 24 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර එක්දින සහ විස්සයි20 තරගාවලි සඳහා 26 දෙනෙකුගෙන් යුත් මූලික සංචිත දෙකක් නම් කර තිබේ.
ආබාධයකට ලක්ව සිට සුවය නොලැබීම හේතුවෙන් බංග්ලාදේශ සංචිතයෙන් ඉවත් කළ පැතුම් නිස්සංක ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගාවලි 3 සඳහාම නම්කරන ලද මූලික සංචිත 3 ටම කැඳවා ඇත. ටෙස්ට් කණ්ඩායම දිමුත් කරුණාරත්න විසින් මෙහෙයවනු ලබන අතර එක්දින සහ විස්සයි20 කණ්ඩායම් මෙහෙයවීමේ වගකීම තව දුරටත් දසුන් ශානකට හිමිව තිබේ.
එමෙන්ම කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, ඩිල්ෂාන් මධුශංක, ළහිරු කුමාර, කසුන් රාජිත සහ ජෙෆ්රි වැන්ඩසේ යන ක්‍රීඩකයන් මූලික සංචිත 3 ටම නම් කර තිබේ.
නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් සංචිතයට පමණක් නම්කර ඇති බැවින් බංග්ලාදේශ ටෙස්ට් සංචාරය අවසන් වීමෙන් පසුව ඔහු නැවතත් එංගලන්ත බලා පිටත්ව යනු ඇත. ඉන් පසු ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නැවතත් දිවයිනට පැමිණෙනු ඇත.
හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් සංචිතයට පමණක් නම් කර ඇති අතර දිනේෂ් චන්දිමාල් විස්සයි20 සංචිතයෙන් ඉවත්කර ඇත. ධනංජය ද සිල්වාට විස්සයි20 සංචිතයේ ස්ථානය අහිමිව යන විට චරිත් අසලංකව නැවතත් ටෙස්ට් සංචිතයෙන් මඟහැරී ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි20 තරග 3 ක් සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබන මස මුල් සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.
විස්සයි20 තරගාවලියෙන් ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ වෙයි.
පළමු (ජුනි 7) සහ දෙවැනි (ජුනි 8) විස්සයි20 තරග කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තෙවැනි (ජුනි 11) විස්සයි20 තරගය මෙන්ම පළමු (ජුනි 14) සහ දෙවැනි (ජුනි 16) එක්දින තරගද මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සැලසුම් කර ඇත. තෙවැනි (ජුනි 19), සිව්වැනි (ජුනි 21) සහ පස්වැනි (ජුනි 24) එක්දින තරග කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පළමු ටෙස්ට් තරගය ජුනි 29 සිට ජුලී 3 දක්වාත්, දෙවැනි ටෙස්ට් තරගය ජුලී 8 සිට 12 දක්වාත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලික ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, මොහොමඞ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, ළහිරු කුමාර, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂිත රසාංජන, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.
මූලික එක්දින සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ළහිරු මදුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, ළහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්‍ෂණ, ප්‍රවීන් ජයවික්‍රම.
මූලික විස්සයි20 සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ළහිරු මදුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, ළහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්‍ෂණ, ප්‍රවීන් ජයවික්‍රම.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.