Last Update  :  2025-05-01 19:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දිල්ලි ක්‍රීඩකයෝ සුපිරි ඕවරය ජය ගනිති
අයි.පී.එල් - 2025

දිල්ලි ක්‍රීඩකයෝ සුපිරි ඕවරය ජය ගනිති

editorial - 2025 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 32 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති තරගය සුපිරි ඕවරයේදී ජය ගැනීමට දිල්ලි කණ්ඩායම සමත් විය. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 5 වැනි ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් ක්‍රීඩකයන්ට ඕවර 20 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 188 ක් පමණි. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා සුපිරි ඕවරය ක්‍රියාත්මක කෙරෙණි. එහිදී රාජස්ථාන් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලබාගත් ලකුණු 12, පන්දු 4 කදී පසුකර ගිය දිල්ලි ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ. 

රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් පන්දු 37 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 51 ක් රැස්කළ අතර නිතිෂ් රානා පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 51 ක් රැස්කළේය. නායක සංජු සැම්සන් පන්දු 19 කින් ලකුණු 31 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක අක්සර් පටේල් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය. ටි්‍රස්ටන් ස්ටබ්ස් පන්දු 18 කින් නොදැවී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

ආරම්භක පිතිකරු අභිෂේක් පෝරල් පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක්ද, ලෝකේෂ් රාහුල් පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 38 ක්ද රැස්කරමින් දිල්ලි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී ජොෆ්රා ආරච් ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගත්තේය. 


දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 188 
(අභිෂේක් පෝරල් 49, ලොකේෂ් රාහුල් 38, ටි්‍රස්ටන් ස්බ්ස් නොදැවී 34, අක්සර් පටේල් 34, ජොෆ්රා ආචර් 32/2) 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 188  
(යශස්වි ජයිස්වාල් 51, සංජු සැම්සන් 31, නිතිෂ් රානා 51, ධෘව් ජුරෙල් 26, ශිම්රන් හැට්මෙයර් නොදැවී 15) 

-036 


අදහස් (0)

දිල්ලි ක්‍රීඩකයෝ සුපිරි ඕවරය ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.