Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට 23 න් පහළ කණ්ඩායම්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට 23 න් පහළ කණ්ඩායම්

editorial - 2019 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට වයස 23 න් පහළ කණ්ඩායම් සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි වයස 23 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරන අතර උප නායකයා ලෙස කමිඳු මෙන්ඩිස් නම් කර තිබේ. කාන්තා වයස 23 න් පහළ කණ්ඩායමේ නායකත්වය හර්ෂිතා මාධවිට හිමිව ඇති අතර කවීෂා දිල්හාරි එහි උප නායිකාව ලෙස කටයුතු කරන්නීය.


ශ්‍රී ලංකා පිරිමි වයස 23 න් පහළ සංචිතය
චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, විෂ්ව චතුරංග, අෂේන් බණ්ඩාර, සම්මු අශාන්, නිෂාන් මධුෂංක, ජෙහාන් ඩැනියෙල්, අසිත ප්‍රනාන්දු, කළණ පෙරේරා, දිවිඳු තිලකරත්න, සචිඳු කොළඹගේ සහ කනිෂ්ක අංජුල

ශ්‍රී ලංකා කාන්තා වයස 23 න් පහළ සංචිතය
හර්ෂිතා මාධවි (නායිකා), කවීෂා දිල්හාරි (උප නායිකා), සත්‍යා සංදීපනි, උමේෂා තිමාෂිනි, තාරිකා සෙව්වන්දි, ළිහිණි අප්සරා, ජිමන්ජලී විජේනායක, සචිනි නිසංසලා, නිලක්ෂනා සඳමිණි, ශායානි ඕෂධි, මල්ෂා රණතුංග, තාරුකා ෂෙහානි, ශිකාරි නුවන්තිකා, සචිනි ද සිල්වා සහ ජනාධි අනාලි


-036

 


අදහස් (2)

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට 23 න් පහළ කණ්ඩායම්
  • හේමන්ත පෙරේරා Friday, 25 October 2019 10:59 AM

    එතකොට ඉන්දියාවයි පාකිස්තානෙයි බංග්ලාදේශෙයි එවන්නෙත් 23 න් පහළ කණ්ඩායම්ද ? අපට මේකේ රන් පදක්කම එපාද ? 2014 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනාගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් නේද

    Reply 0       0

    samara Friday, 25 October 2019 11:48 AM

    ඒ රටවල් වලිනුත් හොදම කණ්ඩායම ඉවන්නේ නෑ. දෙවන පෙළ කණ්ඩායමක් තමා එවන්නේ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.