Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර හයකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත් දකුණු අප්‍රිකානුවෝ ඕස්ට්‍රේලියාව හමුවේ ලබන්නට ගිය 3-0 ක සම්පූර්ණ සුද්දයෙන් ගැලවුණහ.
සිඩ්නි පිටියේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 220 ක ඉලක්කයක් කරා ගිය දකුණු අප්‍රිකානුවෝ තරගයේ අවසන් දිනය වූ අද (08 වැනිදා) දිනය නිමාවේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටියේය.
මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් ඕස්ට්‍රේලියානුවෝ 2-0 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය ජයගත්හ.
වසර 2017 සිට මේ දක්වා පැවැති ටෙස්ට් තරග 47 කට පසුව, දකුණු අප්‍රිකානුවෝ තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගත්හ. මේ අතරවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති තරග දෙකක් ද ඔව්හු පරාජය වූහ.
3-0 ක ජයක් වෙනුවෙන් අවසන් දිනයේදී ඕස්ට්‍රේලියානු පිලට කඩුලු 14 ක් අවශ්‍ය වී තිබිණ. ඒවායින් දකුණු අප්‍රිකානු මුල් ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 106 කට දවාගත් නමුත් දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිමේදී ඕස්ට්‍රේලියානුවන්ට දවාගත හැකිවූයේ කඩුලු 2 ක් පමණි. නිමාවට ඕවර 5 ක් ඉතිරිව තිබියදී තරගය අතහැර දැමීමට දෙපිලේ ක්‍රීඩකයෝ එකඟ වූහ.
“ඕස්ට්‍රේලියානු සංචාරයක් කියන්නේ ඉතාමත් අසීරු එකක්. මීට ඉස්සරවෙලා ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩා කරලා තියෙන්නේ අපේ කණ්ඩායමෙන් තුන්දෙනෙක් විතරයි. ඒ නිසා ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබුණා”
“මම කොල්ලන්ට කිව්වේ පුළුවන් විදිහට සටනක් දීලා අන්තිම දවස බේරාගන්න කියලයි” යයි දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගා තරගයෙන් පසුව පැවසීය.
එල්ගා දෙවැනි ඉනිමේදීත් ලකුණු 10 කට දැවී ගියේය. මෙම තරගාවලිය පුරාම පිතිකරුවකු වශයෙන් අසාර්ථක වූ එල්ගාට මෙම තරගාවලියේ ඉනිම 6 කදී ලබාගත හැකිවූයේ ලකුණු 56 කි. එහි ඉනිමක සාමාන්‍යය ලකුණු 9.33 ක් විය. මේ වන විට ඩීන් එල්ගාගේ නායකත්වය ද අභියෝගයට ලක්වී තිබේ.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණු 195 ක් ලබාගත් උස්මන් කවාජා තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගත්තේය. මෙල්බර්න් තරගයේදී විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබාගත් ඩේවිඩ් වෝනර් තරගාවලියේ වීරයා විය.
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 2 ට 475 යි
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 255 යි
(ඩීන් එල්ගා 15, සාර්ල් අර්වි 18, ටෙම්බා බවුමා 35, කායා සොන්ඩෝ 39, කයිල් වර්රීන් 19, මාකෝ ජැන්සන් නොදැවී 11, සයිමන් හාමර් 47, කේශව් මහාරාජ් 53, ජොස් හේසල්වුඩ් 48/4, පැට් කමින්ස් 60/3, නේතන් ලයන් 88/2)
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම කඩුලු 2 ක් දැවී 106 යි
(සාර් අර්වි නොදැවි 42, ඩීන් එල්ගා 10, හෙන්රික් ක්ලාසන් 35, ටෙම්බා බවුමා නොදැවී 17)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.