Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ජීව ගුණය පිරිපුන් ක්‍රීඩකයා මිචෙල්

ජීව ගුණය පිරිපුන් ක්‍රීඩකයා මිචෙල්

editorial - 2022 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.සී.සී. සම්මාන උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගත් ක්‍රීඩකයාට හිමිවන සම්මානය සඳහා නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් නම් කර ඇත. පසුගිය වසරේ නොවැම්බර් 10 වැනිදා අබුඩාබි හිදි එංගලන්තයට එරෙහිව පැවති තරගයේදී ඔහු සිදුකළ ක්‍රියාවක් වෙනුවෙන් මෙම සම්මානය දිනාගත් අතර එම තරගය නවසීලන්තය කඩුලු 5කින් ජයග්‍රහණය කළේය.

එංගලන්තයට එරෙහිව පැවති විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේදී පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ්ගේ මාර්ගයට ”අවහිර කළ” බව හැඟුණු බැවින් පහසුවෙන් ලබාගැනීමට තිබූ ලකුණක් කරා දිවයෑම ප්‍රතික්‍ෂේප කිරීම ඔහුගේ අවධානය දිනාගත් එම ක්‍රියාවයි.

ඩැනියෙල් විටෝරි, බ්‍රෙන්ඩන් මැකලම් සහ කේන් විලියම්සන්ගේ අඩිපාරේ යමින් මිචෙල් මෙම සම්මානය දිනූ සිව්වැනි නවසීලන්ත ක්‍රීඩකයා වේ.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගත් ක්‍රීඩකයාට හිමිවන සම්මානය ලැබීම ගෞරවයක්. නවසීලන්ත ජාතිකයන් ලෙස අපි ආඩම්බර වන දෙයක් ඒක. අපි ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගත් කණ්ඩායමක්” යැයි මිචෙල් පැවසීය.

එංගලන්ත ක්‍රීඩක ආදිල් රෂීඩ් යැවූ 18 වැනි ඕවරයේ පළමු පන්දුවේදී මෙම සිදුවීම සිදු විය. ජේම්ස් නීෂම් එම පහර එල්ල කර තිබූ අතර ලකුණු සංඛ්‍යාව 133 කට කඩුලු 4 ක් ලෙස සටහන් විය.

නමුත් පන්දුවට පහර දෙන්නාට ප්‍රතිවිරුද්ධ අන්තයේ සිටි මිචෙල්, ලකුණක් කරා යෑමට උත්සහ කිරීමේදී රෂීඩ්ට බාධා කළ බව පිළිගනිමින්, ලකුණු දිවීම ප්‍රතික්ෂේප කළේය.

පන්දු 47 කදී නොදැවී ලකුණු 72ක් රැස්කළ මිචෙල් ජයග්‍රාහී ලකුණුද වාර්තා කරමින් අමතක නොවන තරගයක් බවට එය පත්කර ගත්තේය.

- 2079

 


අදහස් (0)

ජීව ගුණය පිරිපුන් ක්‍රීඩකයා මිචෙල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.