Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ජය පෙනි පෙනී විසඳුමකින් තොරව අවසන් වෙයි
කාන්තා අළුබඳුන තරගය

ජය පෙනි පෙනී විසඳුමකින් තොරව අවසන් වෙයි

editorial - 2022 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියා සහ එංගලන්ත කණ්ඩායම් අතර කැන්බරාහිදී පැවැති කාන්තා අළු බඳුන තරගාවලියේ එකම ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (30 වැනිදා) අවසන් විය.

ජයග්‍රහණය කණ්ඩායම් දෙක අතර දෝලනය වෙමින් තිබුණද කාල වේලාව හරස්වීමෙන් තරගයේ තීරණයක් නොමැතිවම අවසන් කිරීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කාන්තා පිලට තරගයේ සිව්වැනි සහ අවසන් දිනයට තරගය නතර කරනවිට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 245 ක් පමණි.

පළමු ඉනිමේදී ශතකයක් (නොදැවී 168) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ නායිකා හෙදර් නයිට් දෙවැනි ඉනිමේදී ලකුණු 48 කට දැවී ගියාය. මිනිත්තු 82 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි නයිට් පන්දු 54 කට මුහුණදුන් අතර ඇයගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

නැට් සේවර් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 58 ක් ලබාගත් අතර සොෆියා ඩන්ක්ලි හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් ලබාගනිමින් ජයග්‍රහණය ආසන්වයට එංගලන්ත පිල රුගෙන යාමට සමත්වූවාය. ටමී බියුමවුන්ට් ලකුණු 36 ක් සහ ලෝරන් වින්ෆීල්ඩ් ලකුණු 33 ක් ලබාගැනිමට සමත්වූහ.

ඇනබල් සදර්ලෑන්ඩ් කඩුලු 3 ක් ද, ඇලානා කිංග් කඩුලු 2 ක් ද, එලිස් පේරී, ඩාර්සි බ්‍රව්න් සහ ටාලියා මැක්ග්‍රාත් එක් කඩුල්ල බැගින් දවාගත්තද අවසන් කඩුල්ල දවාගැනීමට නොහැකිවීම හේතුවෙන් ජයග්‍රහණය ගිලිහී ගියේය.

තෙවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 12 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටි ඕස්ට්‍රේලියානු කාන්තා පිල අද දිනයේදී සිය දෙවැනි ඉන්ම සඳහා කඩුලු 7 කට ලකුණු 216 ක් රැස් තිබියදී ඉනිම අත්හිටුවීය.

බෙත් මූනි ලකුණු 63 ක්, එලිස් පේරී ලකුණු 41 ක්, ටාලියා මැක්ග්‍රාත් ලකුණු 34 න් සහ ඈෂ්ලී ගාඩ්නර් ලකුණු 38 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

කැතරින් බ්‍රන්ට් කඩුලු 3 ක් ද, චාර්ලී ඩීන් කඩුලු 2 ක් ද, නැට් සේවියර් සහ සොෆී එක්ක්ලෙස්ටන් එක් කඩුල්ල බැගින් දවාගනිමින් ඕස්ටේ්‍රලියානු පිතිකාරීණියෝ මෙල්ල කිරීමට සමත්වූහ.

තරගයේ වීරයාට හිමි සම්මානය එංගලන්ත නායිකා හෙදර් නයිට් විසින් දිනා ගනු ලැබුවාය.

 

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 337
එංගලන්තය පළමු ඉනිම - සියලුදෙනා දැවී 297
ඕස්ට්‍රේලියාව දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 216

(බෙත් මූනි 63, එලිස් පේරී 41, ටාලියා මැක්ග්‍රාත් 34, ඈෂ්ලී ගාඩ්නර් 38, කැතරින් බ්‍රන්ට් 24/3, චාර්ලී ඩීන් 24/2)
එංගලන්තය දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 245
(ලෝරන් වින්ෆීල්ඩ් 33, ටමී බියුමවුන්ට් 36, හෙදර් නයිට් 48, නැට් සේවර් 58, සොෆියා ඩන්ක්ලි 45, ඇනබල් සදර්ලෑන්ඩ් 69/3, ඇලානා කිංග් 39/2)

- 2079


අදහස් (0)

ජය පෙනි පෙනී විසඳුමකින් තොරව අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.