Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International චමරිගේ ලකුණු 44 අපතේ යයි

චමරිගේ ලකුණු 44 අපතේ යයි

editorial - 2020 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා විස්සයි20 අභියෝගතා ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය සාජා හිදි පැවැති අතර එහිදී සුපර්නොවාස් පිලට එරෙහිව කඩුලු 5ක ජයක් ලබාගැනීමට වෙලෝසිටි පිල බදාදා (4 වැනිදා) සමත් විය.

කාසියේ වාසිය දිනාගත් වෙලෝසිටි පිලේ නායිකා මිතිලා රාජ් පළමුව පන්දුවට පහරදීමට සුපර්නොවාස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ඔවුන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 126 ක් පමණි. එහිදී ආරම්භක පිතිකාරිණිය ලෙස කටයුතු කළ චමරි අතපත්තු පන්දු 39 කදී හයේ පහර සහ හතරේ 2 බැගින් එල්ල කරමින් ලකුණු 44 ක් ලබාගත්තාය. ඊට අමතරව නායිකා හර්හන්ප්‍රිත් කෞර් පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් කරමින් ලකුණු 31 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්වන අනෙක් ක්‍රීඩිකාව වූ ශෂිකලා සිරිවර්ධන පන්දු 21 කදී හතරේ පහරක් සමගින් ලකුණු 18 ක් ලබාගත්තාය. එක්තා බිෂ්ට් කඩුලු 3 ක් සහ ජහනාරා අලාම් සහ ලෙයිග් කැස්පරෙක් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණ සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය වෙලෝසිටි පිල ඕවර 19.5 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය ජය ගැනීමට සමත්විය.

සුනේ ලුස් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 37 ක් ලබාගනිමින් වෙලෝසිටි පිල ජයග්‍රහණය කරා රැගෙන ගියාය. සුනේ ලුස්ට අනගි සහයක් ලබාදුන් සුෂ්මා වෙර්මා පන්දු 33 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් සහ වේදා ක්‍රිශ්ණමුර්ති පන්දු 28 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 29 ක් රැස්කරමින් වෙලෝසිටි පිලේ ජයග්‍රහණයට දායක වූහ.
 

සුපර්නොවාස් - ඕවර 20 කදි කඩුලු 8ක් දැවී 126
(චමරි අතපත්තු 44, හර්හන්ප්‍රිත් කෞර් 31, ශෂිකලා සිරිවර්ධන 18, එක්තා බිෂ්ට් 22/3, ජහනරා අලාම් 27/2, ලෙයිග් කැස්පරෙක් 23/2)

වෙලෝසිටි - ඕවර 19.5 කදි කඩුලු 5ක් දැවී 129
(වේදා ක්‍රිශ්ණමුර්ති 29, සුෂ්මා වෙර්මා 34, සුනේ ලුස් නොදැවී 37, අයබොන්ගා ඛාකා 2/27)
 

 - 2079


අදහස් (0)

චමරිගේ ලකුණු 44 අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.