Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති පස්වැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 17 ක ජයක් ලැබූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 180 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.5 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 162 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ හෝල්ඩර් ලකුණු 27 කට කඩුලු 5 ක්ද, අකීල් හොසේන් ලකුණු 30 කට කඩුලු 4 ක්ද දවාගත්හ.
එංගලන්ත පිතිකරුවන්ට අවසන් ඕවරයේදී ලකුණු 20 ක් රැස්කිරීමට සිදුවූ අතර එහිදී පිට පිටම පන්දු 4 කදී කඩුලු 4 ක් බිඳහෙළු හෝල්ඩර් තරගය කණ පිට පෙරළුවේය. ජේමස් වින්ස් පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 55 ක්ද, සෑම් බිලිංග්ස් පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 41 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට එංගලන්ත කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් ලබාගත් අතර බ්‍රෙන්ඩන් කිං (34) සහ කයිල් මේයර්ස් (31) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 31 කදී වාර්තා වූ බ්‍රෙන්ඩන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත වූ අතර පන්දු 19 කදී වාර්තා වූ මේයර්ස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
ලකුණු 105 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 74 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ නායක කිරන් පොලාඩ් (නොදැවී 41) සහ රෝමන් පවෙල් (නොදැවී 35) කොදෙව් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 25 කට මුහුණදුන් පොලාඩ් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගද, පන්දු 17 කට මුහුණදුන් පවෙල් හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගද ලකුණු රැස්කළහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 179
(බ්‍රෙන්ඩන් කිං 34, කයිල් මේයර්ස් 31, නිකලස් පූරන් 21, කිරන් පොලාඩ් නොදැවී 41, රෝමන් පවෙල් නොදැවී 35, ආදිල් රෂීඩ් 17/2, ලයෑම් ලිවිංග්ස්ටන් 17/2)
එංගලන්ත පිල - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 162
(ටොම් බැන්ටන් 16, ජේම්ස් වින්ස් 55, මුයින් අලී 14, සෑම් බිලිංග්ස් 41, ජේසන් හෝල්ඩර් 27/5, අකීල් හොසේන් 30/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.