Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අපරාජිත බව රැකගනිති
කාන්තා ලෝක කුසලාන - 2022

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අපරාජිත බව රැකගනිති

editorial - 2022 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර වෙලිංටන්හිදී අද (25 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම ජයත් සමග මෙවර තරගාවලියේ මූලික වටයේදී සහභාගි වූ තරග 7 ම ජයගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමටද ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හැකි විය.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 43 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඕවර 32.1 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ බෙත් මූනි පන්දු 75 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 66 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.  

ලකුණු 70 කට කඩුලු 5 ක් බිඳවැටී තිබියදී ඇනබල් සදර්ලන්ඩ් (නොදැවී 26) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 87 කදී ලකුණු 66 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමටද බෙත් මූනි සමත් වූවාය. පන්දු 39 කදී වාර්තා වූ සදර්ලන්ඩ්ගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට ඈෂ්ලි ගාඩ්නර් සහ ජෙස් ජොනසන් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 43 අවසන් වන විට කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. එහිදී ජොනසන් ලකුණු 13 කට කඩුලු 2 ක්ද, ගාඩ්නර් ලකුණු 23 කට කඩුලු 2 ක්ද දවාගැනීමට සමත් වූහ.

බංග්ලාදේශ කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ ලතා මොන්ඩල් පන්දු 63 කදී ලකුණු 33 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි. ආරම්භක පිතිකාරිණී ශර්මින් අක්තර් පන්දු 56 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කිරීමට සමත් වූවාය.

 

බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 43 කදී කඩුලු 6 ක් දැවී 135
(ශර්මින් අක්තර් 24, රුමානා අහමඩ් 15, ලතා මොන්ඩල් 33, සල්මා ඛාතූන් නොදැවී 15, ජෙස් ජොනසන් 13/2, ඈෂ්ලි ගාඩ්නර් 23/2)

ඕස්ට්‍රේලියානු කාන්තා පිල - ඕවර 32.1 කදී කඩුලු 5 ක් දැවී 136  
(ඇලීසා හීලි 15, බෙත් මූනි නොදැවී 66, ඇනබල් සදර්ලන්ඩ් නොදැවී 26, සල්මා ඛාතූන් 23/3)

 

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ අපරාජිත බව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.