Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ (2020) මාර්තු මස 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
සංචාරක එංගලන්ත කණ්ඩායම එම ටෙස්ට් තරග දෙකට සහභාගි වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පුහුණු තරග දෙකකටද සහභාගි වීමට නියමිතය.
ඉන් පළමු පුහුණු තරගය තෙදින තරගයක් ලෙස මාර්තු මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය සිවුදින තරගයක් ලෙස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය 19 වැනිදා සිට 23 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද, දෙවැන්න 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.
තරගාවලිය නිමා වීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායම අප්‍රේල් මස 1 වැනිදා යළි සිය රට බලා පිටත්ව යෑමට නියමිතය.
තරග කාලසටහන
■ පළමු පුහුණු තරගය - මාර්තු 7 වැනිදා සිට 9 වැනිදා දක්වා - කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි පුහුණු තරගය - මාර්තු 12 වැනිදා සිට 15 වැනිදා දක්වා - කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
■ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය - මාර්තු 19 වැනිදා සිට 23 වැනිදා දක්වා - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය - මාර්තු 27 වැනිදා සිට 31 වැනිදා දක්වා - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
-036
gayan Friday, 25 October 2019 11:52 AM
ලංකාවේ ක්‍රිකට්වලට කෙසේ වෙතත් සංචාරක ක්ෂේත්රයටනම් හොදක් වෙයි.
Reply 0 0
ගයාන් Friday, 25 October 2019 12:06 PM
ලංකාවේ ක්‍රිකට් වලට කෙසේ වෙතත් සංචාරක ක්ෂේත්රයටනම් හොදක් වෙයි බාමී ආමී එන නිසා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.