Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය ලෝක යොවුන් අවසන් තරගයට
යොවුන් ලෝක කුසලාන

එංගලන්තය ලෝක යොවුන් අවසන් තරගයට

editorial - 2022 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත යොවුන් පිල ඊයේ (01 වැනිදා) සමත්විය. 1998 වසරේදී යොවුන් ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමෙන් පසුව එංගලන්ත යොවුන් කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව ලෙස සටහන් වන්නේය.

ඇන්ටිගුවාහිදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රතිවාදී ඇෆ්ගනිස්තාන් යොවුන් පිලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 15 ක ජයක් එංගලන්ත යොවුන් පිලට හිමිවිය. ඒ අනුව ඕස්ටේ්‍රලියා සහ ඉන්දියා යොවුන් කණ්ඩායම් අතර අද (2 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමගින් අවසන් මහ තරගයේදී එංගලන්ත යොවුන් පිල ක්‍රීඩා කරනු ඇත.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 231 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්තාන යොවුන් පිලට නියමිත ඕවර 47 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 215 ක් පමණි.

අවසන් ඕවර 3 තුලදී ජයග්‍රහණය සඳහා ලකුණු 23 ක් ලබාගැනීමට අවශ්‍ය වුවද 45 වැනි ඕවරය යැවූ ජොශුවා බෝයිඩ්න් සිය ඕවරය ලකුණු 4 කටත්, 46 වැනි ඕවරය යැවූ රෙහාන් අහ්මඩ් එක් ලකුණුක් පමණක් ලබාදෙමින් ඇෆ්ගනිස්තාන යොවුන් පිලේ කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය. නැවතත් අවසන් ඕවරය යැවූ ජොශුවා බෝයිඩ්න් 47 වැනි ඕවරය ලකුණු 2 කට සීමා කිරීමත් සමගින් එංගලන්ත යොවුන් පිලට අවසන් මහා තරගයක මිහිර විඳීමට අවස්ථාව හිමිවිය.

අල්ලා නූර් පන්දු 87 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 60 ක් ද, මොහොමඩ් ඉෂාක් පන්දු 65 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 43 ක් ලබාගත්තද ඇෆ්ගනිස්තාන යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් වූහ. අබ්දුල් හාඩි නොදැවී ලකුණු 37 ක් ද, බිලාල් අහ්මඩ් ලකුණු 33 ක් සහ නූර් අහ්මඩ් ලකුණු 25 ක් ලබාගැනීමට සමත්වුහ.
රෙහාන් අහ්මඩ් කඩුලු 4 ක් ද, තෝමස් ඇස්පින්වෝල් කඩුලු 2 ක් ද, ජොශුවා බෝයිඩ්න් සහ ටොම් ප්‍රෙස්ට් එක් කඩුල්ල බැගින්ද දවාගනිමින් එංගලන්ත යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත යොවුන් පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කරමින් නියමිත ඕවර 47 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 231 ක් රැස්කිරීමට සමත්විය.

එංගලන්ත යොවුන් පිල පන්දුවට පහරදෙමින් සිටි 29 වැනි ඕවරයේදී ක්‍රීඩාංගණයට වර්ෂාව පතිතවීම හේතුවෙන් මිනිත්තු 40 ක පමණ කාලයක් තරගය නතර කිරීමට සිදුවිය. ඒ අනුව එක් ඉනිමකින් ඕවර 3 බැගින් අඩු කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

ආරම්භක පිතිකරු ජෝර්ජ් තෝමස් අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද සෙසු මුල් පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් එක් අවස්ථාවකදී එංගලන්ත යොවුන් ඉනිම ලකුණු 136 කට කඩුලු 6 ක් ලෙස දිස්විය.

නමුත් මැදපෙළ පිතිකරුවන් වූ ජෝර්ජ් බෙල් (නොදැවී 56) සහ ඇලෙක්ස් හෝර්ටන්ගේ (නොදැවී 53) ඉවසිලිවන්ත පිතිහරඹය හේතුවෙන් එංගලන්ත යොවුන් පිලේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 71 කදී ලකුණු 95 ක නොබිදුණු සම්බන්දතාවක් ගොඩනැගීමට සමත්වූහ.

ජෝර්ජ් තෝමස් පන්දු 69 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් ද, ජෝර්ජ් බෙල් පන්දු 67 කදි හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් සහ වේගවත් පිතිහරඹයක නිරත වූ ඇලෙක්ස් හෝර්ටන් පන්දු 36 කදි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 53 ක් ද ලබාගැනිමට සමත්වූහ.

නූර් අහ්මඩ් සහ නවීඩ් සද්‍රාන් කඩුලු 2 බැගින්ද, නගෙයාලි කරෝටේ සහ ඉෂරුල්හක් නවීඩ් එක් කඩුල්ල බැගින්ද බිඳ හෙළීමට සමත්වූහ.

තරගයේ වීරයාට හිමි සම්මානය එංගලන්ත ක්‍රීඩක ජෝර් බෙල්ට හිමිවිය.

 

එංගලන්ත යොවුන් පිල - ඕවර 47 කදී කඩුලු 6 ක් දැවී 231
(ජෝර්ජ් තෝමස් 50, ජෝර්ජ් බෙල් නොදැවී 56, ඇලෙක්ස් හෝර්ටන් නොදැවී 53, නූර් අහ්මඩ් 32/2, නවීඩ් සද්‍රාන් 67/2)

ඇෆ්ගනිස්තාන් යොවුන් පිල - ඕවර 47 කඩුලු 9 ක් දැවී 215
(මොහොමඩ් ඉෂාක් 43, අල්ලා නූර් 60, අබ්දුල් හාඩි නොදැවී 37, බිලාල් අහ්මඩ් 33, නූර් අහ්මඩ් 25, රෙහාන් අහ්මඩ් 41/4, තෝමස් ඇස්පින්වෝල් 37/2)

 

- 2079


අදහස් (0)

එංගලන්තය ලෝක යොවුන් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.