Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර තුනකට පසුව එංගලන්තයේ බ්‍රිස්ටල් නුවරදී අද (16 වැනිදා) ඇරඹි පළමු කාන්තා ටෙස්ට් තරගයේ පළමු දින තරගය නතර කරනවිට එංගලන්ත කාන්තා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 6 ක් දැවී ලකුණු 269 ක් ලබා සිටියේය. සොෆියා ඩන්ක්ලි ලකුණු 12 ක් සහ කැතරින් බ්‍රන්ට් ලකුණු 7 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ශතකය පෙනි පෙනී නායිකා හෙදර් නයිට් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 95 කට දැවී ගියාය. පන්දු 175 කට මුහුණදුන් හෙදර් නයිට්ගේ ඉනිම හතරේ පහර 9 කින් අලංකාර විය. හෙදර් නයිට්ට අනගි සහයක් ලබාදුන් ආරම්භක පිතිකාරිණිය වූ ටැමී බියුමන්ට් අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූවාය. පන්දු 144 කට මුහුණදුන් බියුමන්ට්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ඉන්දීය කාන්තා කණ්ඩායම ටෙස්ට් තරගයකට සහභාගි වන්නේ වසර 7 කට පමණ පසුවය. එයින් ප්‍රයෝජන ගත් එංගලන්ත ක්‍රීඩිකාවෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අතර එය ඔවුන් වසර 2004 පසුව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාව විය.

එංගලන්ත ආරම්භක පිතිකාරිනිය වූ වින්ෆීල්ඩ්-හිල් ලකුණු 3 ක් පමණක් ලබා සිටියදී දුන් පහසු උඩපන්දුවක් ස්ලිප් හි සිටි ස්මි්‍රති මන්දනා වෙතින් ගිළිහී ගියේය. එංගලන්තයේ දේශීය කාන්තා තරගාවලියේදී දැක්වූ සාර්ථක දස්කම් හේතුවෙන් කණ්ඩායමට එක්ව සිටින වින්ෆීල්ඩ්-හිල්ගේ මංගල ටෙස්ට් තරගය මෙයයි. එහෙත් ඇය ගැසූ හයේ පහර දෙක එංගලන්ත ටෙස්ට් ක්‍රීඩිකාවක විසින් වසර 15 කට පසු ගැසූ හයේ පහර විය.


එංගලන්තය - පළමු ඉනිම කඩුලු 6 ක් දැවී 269
(ලෝරීන් වින්ෆීල්ඩ්-හිල් 35, ටැමී බියුමන්ට් 66, හෙදර් නයිට් 95, නැට් සීවර් 42, ස්නේ රානා 77/3, දීප්ති ෂර්මා 50/2, පූජා වස්ත්‍රකාර් 43/1)

 

 


අදහස් (0)

එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.