Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ 5 වැනි ශූරතාව හඹායති
යොවුන් ලෝක කුසලාන

ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ 5 වැනි ශූරතාව හඹායති

editorial - 2022 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 24 කට පසුව යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා සිටින එංගලන්තයට එරෙහිව ශූරතාව වෙනුවෙන් ඉන්දියාව හෙට (5 වැනිදා) තරග බිමට පිවිසෙනු ඇත. ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතය.

පළමු අවසන් පූර්ව තරගයේදී ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 15 ක ජයක් වාර්තා කරමින් එංගලන්ත යොවුන් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඉන්දීය යොවුන් කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 96 ක ජයක් වාර්තා කරමිනි. 

යොවුන් ලෝක කුසලාන 4 කට හිමිකම් කියන ඉන්දියාව එම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ 8 වැනි අවස්ථාව මෙය විය. මින් පෙර 2000, 2008, 2012 සහ 2018 යන වසරවලදී පිළිවෙලින් මොහොමඩ් කයිෆ්, විරාට් කෝලි, අන්මුක්ත් චන්ද් සහ ප්‍රිත්වි ෂෝ යන ක්‍රීඩකයන්ගේ නායකත්වට යටතේ යොවුන් ලෝක කුසලාන දිනාගත් ඉන්දියාව 2006, 2016 සහ 2020 වසරවලදී එහි අනු ශූරතාවට හිමිකම් කීවේය.

1998 වසරේදී යොවුන් ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමෙන් පසුව එංගලන්ත යොවුන් කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙය විය. නවසීලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් එංගලන්තය 1998 වසරේදී ශූරතාවට හිමිකම කීවේය. 1988, 2004, 2006 සහ 2014 යන වසරවලදී යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමටද එංගලන්තය සමත් වී ඇත.

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකාට ‍එරෙහිව තරග වැදී ඇති තරග 5 න් 3 කදී එංගලන්ත යොවුන් කණ්ඩායම පරාජය කිරීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් වී ඇත. සෙසු අවස්ථා‍දෙකේදී එංගලන්ත යොවුන් කණ්ඩායම හමුවේ ඉන්දීය යොවුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ. කෙසේ වුවත් 2019 වසරේ ‍අගෝස්තු මාසයේදී කණ්ඩායම් දෙක අතර පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත යොවුන් කණ්ඩායම සමත්ව ඇත.

-036


අදහස් (0)

ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ 5 වැනි ශූරතාව හඹායති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.