Last Update  :  2025-07-27 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාව 3-0 කින් කොදෙව් පිල පරදවයි
ඉන්දීය - කොදෙව් තෙවැනි එක්දින තරගය

ඉන්දියාව 3-0 කින් කොදෙව් පිල පරදවයි

editorial - 2022 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 96 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට ප්‍රසිද් ක්‍රිෂ්ණා සහ මොහොමඩ් සිරාජ් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 37.1 ක් අවසන් වන විට සියලු දෙනා ලබාගත හැකි වූයේ ලකුණු 169 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ක්‍රිෂ්ණා ලකුණු 27 කට කඩුලු 3 ක්ද, සිරාජ් ලකුණු 29 කට කඩුලු 3 ක්ද දවාගත්හ.

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඔඩේන් ස්මිත් පන්දු 18 කදී හයේ පහර 3 ක්  සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 36 ක් රැස්කළේය. නායක නිකලස් පූරන් පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක්ද, අල්සාරි ජෝෂප් පන්දු 56 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 29 ක්ද රැස්කළ නමුත් කොදෙව් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 265 ක් ලබාගත් අතර එහිදී ශ්‍රෙයාස් අයියර් පන්දු 111 කදී ලකුණු 80 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි. රිෂාබ් පාන්ට් (56) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 124 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අයියර් සමත් විය.
 
පන්දු 54 කදී වාර්තා වූ පාන්ට්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. වොෂින්ටන් සුන්දර් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක්ද, දීපක් චාහර් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 38 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ඉන්දීය පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 265
(ශ්‍රෙයාස් අයියර් 80, රිෂාබ් පාන්ට් 56, වොෂින්ටන් සුන්දර් 33, දීපක් චාහර් 38, ජේසන් හෝල්ඩර් 34/4, අල්සාර් ජෝෂප් 54/2, හේඩ්න් වෝල්ෂ් 59/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 169
(ඩැරන් බ්‍රාවෝ 19, නිකලස් පූරන් 34, අල්සාරි ජෝෂප් 29, ඔඩේන් ස්මිත් 36, ප්‍රසිද් ක්‍රිෂ්ණා 27/3, මොහොමඩ් සිරාජ් 29/3, දීපක් චාහර් 41/2, කුල්දීප් යාදව් 51/2)

-036

 


අදහස් (0)

ඉන්දියාව 3-0 කින් කොදෙව් පිල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.