Last Update  :  2025-07-27 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාවට කඩුලු 6 ක ජයක්
ඉන්දීය - කොදෙව් පළමු එක්දින තරගය

ඉන්දියාවට කඩුලු 6 ක ජයක්

editorial - 2022 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුස්වේන්ද්‍ර චාහල් (49/4) ඇතුළු පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අහ්මදාබාද්හිදී පැවැති පළමු දිවා රාත්‍රි එක්දින තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දියාව සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 177 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 28 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

සාර්ථක ආරම්බයක් ලබාගත් නායක රෝහිත් ෂර්මා පන්දු 51 කදී හයේ පහරක් සහ හතරෙ පහර 10 ක් සමගින් ලකුණු 60 ක් ලබාගැනීමටස සමත්විය.

පස්වැනි කඩුල්ල සඳහා පන්දු 63 කදී ලකුණු 62 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වූ සූර්යකුමාර් යාදව් සහ දීපක් හූඩා ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

සූර්යකුමාර් යාදව් පන්දු 36 කදි හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් සහ දීපක් හූඩා පන්දු 32 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 26 ක් ලබාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 43.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 176 ක් පමණි.

ලකුණු 79 කට කඩුලු 7 ක් අහිමිව තිබියදී ජේසන් හෝල්ඩර් සහ ෆේබියන් ඇලන් එක්ව පන්දු 91 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් ඉනිම තරමක් දුරට ගොඩනැගීමට සමත්වුද ඉන්දීය පිතිකරුවන්ට තර්ජනයක් ඇති කිරීමට තරම් එම ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීය.

ජේසන් හෝල්ඩර් පන්දු 71 කදී හයේ පහර 4 ක් සමගින් ලකුණු 57 ක් ලබාගත් අතර ෆේබියන් ඇලන් පන්දු 43 කදි හතරේ පහර 2 ක් සමගින් ලකුණු 29 ක් ලබාගත්තේය.

යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 49 කට කඩුලු 4 ක් ද, වොෂින්ටන් සුන්දර් කඩුලු 3 ක් සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 43.5 කදී සියලුදෙනා දැවී 176
(ජේසන් හෝල්ඩර් 57, ෆේබියන් ඇලන් 29, යුස්වේන්ද්‍ර චාහල් 49/4, වොෂින්ටන් සුන්දර් 30/3, ප්‍රසිද් ක්‍රිෂ්ණා 29/2)

ඉන්දියාව - ඕවර 28 කදී කඩුලු 4 ක් දැවී 178
(රෝහිත් ෂර්මා 60, ඉෂාන් කිෂාන් 28, සූර්යකුමාර් යාදව් නොදැවී 34, දීපක් හූඩා නොදැවී 26, අල්සාරී ජෝසප් 45/2)

- 2079


අදහස් (0)

ඉන්දියාවට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.