Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පුහුණුවීම් අතරතුරදී හටගෙන ඇති වැලමිටේ ආබාධයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටේට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.
ඔහුගේ ස්ථානය සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නියෝජනය කරන ෂෝන් ඇබට් ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ප්‍රාන්ත තරගයක් අතරතුර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවකු වූ පිල් හියුස් මියගියේ ෂෝන් ඇබට් පන්දුවක් හිසේ වැදීමෙනි.
“පුහුණුවීම් අතරතුර පන්දුව විසි කිරීමට යෑමේදී තමයි ඇන්ඩෘ මෙම අබාධයට ලක්වුණේ. පන්දුව විසිකරද්දි ඔහුගේ සමබරතාව ගිළිහී ගියා. ඒ නිසා ඔහු බිම ඇදගෙන වැටුණා. වැටුණ වෙලාවේ ඔහුගේ වැලමිට තදින් බිම වැදුණා.” ඇන්ඩෘගේ ආබාධය ගැන අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච් කියා සිටියේය.
“ඇන්ඩෘගේ සේවය අහිමි වුණත් අපිට ශක්තිමත් වේග පන්දු බළඇණියක් ඉන්නවා. මිචෙල් ස්ටාක්, පැට් කමින්ස්, බිලි ස්ටැන්ලේක්, කෙන් රිචඞ්සන් වගේම ෂොන් ඇබට්ද දැන් අපි සමග ඉන්නවා.” යැයිද ෆින්ච් පැවසීය.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය හෙට (27 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.00 ට ඇඩිලේඞ්හිදී ආරම්භ වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.