Last Update  :  2025-07-27 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඇන්ඩසන් - බ්‍රෝඩ් ටෙස්ට් පිලෙන් හැළෙති
එංගලන්ත - කොදෙව් ටෙස්ට් තරගාවලිය

ඇන්ඩසන් - බ්‍රෝඩ් ටෙස්ට් පිලෙන් හැළෙති

editorial - 2022 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන මාසයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද 16 දෙනකුගෙන් යුත් එංගලන්ත සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන්නන් වන ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන් ඉවත් කර ඇත.

කොදෙව් තරගාවලියට ඔවුන් නම් නොකළද එය ඔවුන්ගේ ගමනේ අවසානය නොවන බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ අන්තර්වාර අධ්‍යක්ෂ ඇන්ඩෲ ස්ට්‍රෝස් මහතා පැවසීය.

අළු බඳුන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව බලා ගිය සංචිතයෙන් ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන්ට අමතරව තවත් සාමාජිකයන් 6 දෙනෙකු ඉවත්කර ඇත. ඩොම් බෙස්, සෑම් බිලිංග්ස්, රොරී බර්න්ස්, ජොස් බට්ලර්, හසීබ් හමීඩ් සහ ඩේවිඩ් මලාන් යන ක්‍රීඩකයන්ට බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට නොහැකි වී තිබේ.

ක්‍රීඩකයන් විවේක ගැන්වීමේ ප්‍රතිපත්තිය අනව බ්‍රෝඩ් සහ ඇන්ඩර්සන්ට අළු බඳුනේ ටෙස්ට් තරගාවලියේ තරග 5 ම ක්‍රීඩා කිරීමට අවස්ථාව නෙලැබිණ. අළු බඳුන තරගාවලියේදී බ්‍රෝඩ් ටෙස්ට් තරග 3 කදී කඩුලු 13ක් ද, ඇන්ඩර්සන් ටෙස්ට් තරග 3 කදී කඩුලු 8 ක් ද ලබා ගත් නමුත් ඔස්ටේ්‍රලියාව හමුවේ ඔවුන්ට පරාජය වීමට සිදුවූයේ පිතිහරඹයේ දුර්වලතාවයෙනි.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා 16 දෙනෙකුගෙන් යුත් සංචිතයේ තෝරා ගැනීම් අන්තර්වාර අධ්‍යක්ෂ ස්ට්‍රෝස්, අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු පෝල් කොලින්වුඩ් සහ නායක ජෝ රූට් එක්ව සිදු කරන ලදී. අළුබඳුන තරගාවලියේ පරාජයෙන් පසු ඉවත් කළ අය අතර ක්‍රිකට් අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස්, ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ පිතිහරඹ පුහුණුකරු ග්‍රැහැම් තෝර්ප් ද සිටිති.

”ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ් සම්බන්ධයෙන්, මට අවධාරණය කරන්න තියෙන්නේ එංගලන්ත ක්‍රීඩකයන් ලෙස මෙය ඔවුන්ගේ අවසානය නොවන බවයි. නව පන්දු යැවීමේ හැකියාව දෙස බැලීම වැදගත් බව අපගේ හැඟීමයි” යැයි ස්ට්‍රෝස් මහතා පැවසීය.
”ඇන්ඩර්සන් සහ බ්‍රෝඩ් එංගලන්ත කණ්ඩායමට ගෙන එන ගුණාත්මකභාවය සහ අත්දැකීම් කිසිවෙකු සැක කරන්නේ නෑ. ඔවුන් මෙම ගිම්හානයේදී සහ ඉන් ඔබ්බට කණ්ඩායම සමඟ සම්බන්ධ වේද යන්න තීරණය කිරීම නව කළමනාකාර අධ්‍යක්ෂ සහ ස්ථිර ප්‍රධාන පුහුණුකරුට භාර වෙනවා”

”එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නැවත අවශ්‍ය තැනට ගෙන ඒමේ ක්‍රියාවලියක සහ ගමනක ආරම්භය මෙම සංචිතය තේරීමේ අරමුණයි. වෙහෙස මහන්සි වී වැඩ කිරීම දැන් ආරම්භ වෙනවා.”

බ්‍රෝඩ් සහ ඇන්ඩර්සන් නොමැති විට, මාර්ක් වුඩ්, ක්‍රිස් වෝක්ස්, ඔලී රොබින්සන්, බෙන් ස්ටෝක්ස්, සකීබ් මහමුද් සමඟින් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී එංගලන්ත වේග පන්දු අංශය ශක්තිමත් කරනු ඇත.


කෙදෙව් තරඟාවලිය සඳහා එංගලන්ත සංචිතය
ජෝ රූට් (නායක), ජොනී බෙයාර්ස්ටෝ, සැක් ක්‍රෝලි, මැතිව් ෆිෂර්, බෙන් ෆෝක්ස්, ඩෑන් ලෝරන්ස්, ජැක් ලීච්, ඇලෙක්ස් ලීස්, සකීබ් මහමුද්, ක්‍රේග් ඕවර්ටන්, මැට් පාකින්සන්, ඔලී පෝප්, ඔලී රොබින්සන්, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස් සහ මාක් වුඩ්


- 2079


අදහස් (0)

ඇන්ඩසන් - බ්‍රෝඩ් ටෙස්ට් පිලෙන් හැළෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.