Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අල්සාරි ජෝෂප් (16/4) සහ ජේසන් හෝල්ඩර් (12/3) දෙදෙනා එක්ව කළ පන්දු යැවීම නිසා සිම්බාබ්වේ පිල ලකුණු 31 කින් පරාජය කළ කොදෙව්වෝ, ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමේ බලාපොරොත්තු රඳවා ගත්හ. පසුගිය සඳුදා කොට්ලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් අවදානම් අඩියකට පිවිස සිටි කොදෙව් කණ්ඩායම ලබන සිකුරාදා අයර්ලන්තය හමුවෙයි.
අයර්ලන්තය සහ කොදෙව් පිල අතර තරගයේ ජයග්‍රාහකයන් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කොටසට සුදුසුකම් ලබාගනු ඇත.
සිම්බාබ්වේ පිල ඉලක්කය කරා යාම ආරම්භ කළේ පළමු ඕවරයේදීම ලකුණු 18 ක් උදුරා ගනිමිනි. එහෙත් තුන්වැනි ඕවරයේදී රෙගීස් චකබ්වා දවාගත් කොදෙව්වෝ එතැන් සිට සිම්බාබ්වේ පිතිකරුවන්ගේ ගෙල සිරකළහ. ලකුණු 154 ක ඉලක්කයක් කරා ගිය සිම්බාබ්වේ කණ්ඩායම, පන්දු 10 ක් ඉතිරිව තිබියදී, ලකුණු 122 කට දැවී ගියේය.
කොදෙව් ඉනිමේ අවසන් ඕවර දෙකෙදී රෝමන් පවෙල් කළ අනුකම්පා විරහිත ප්‍රහාරය හේතුවෙන් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක සීමාවෙන් එතෙර වූ කොදෙව්වෝ, කඩුලු 7 ක් දැවී ලකුණු 153 ක් ලබාගත්හ. ඉනිමේ 14 වැනි ඕවරය නිමාවේදී ලකුණු 101 කට කොදෙව් කඩුලු 6 ක් වැටී තිබුණ නමුත්, රෝමන් පවෙල් සහ අකීල් හොසේන් එක්ව ලකුණු 150 සීමාවෙන් ඔබ්බට කොදෙව් පිල කැඳවාගෙන ගියහ.
16 වැනි ඕවරය නිමාවන විටත් කොදෙව් ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6 කට 113 ක් ලෙසිනි. එහෙත් අවසන් ඕවර තුනේදී ලකුණු 40 ක් උදුරාගත් පවෙල් සහ අකීල් හොසේන් තත්ත්වය තමන්ට වාසිදායක ආකාරයෙන් පෙරළාගත්හ.
කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තේය. එහෙත් සිය ඕවර 4 ලකුණු 19 කට සීමාකරගත් පිට දඟ පන්දු යවන සිකන්දර් රාසා, කොදෙව් පිතිකරු ලයිස්තුවේ මුල් කොටස විනාශ කළේය.
බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 153 යි
(කයිල් මේයර්ස් 13, ජොන්සන් චාල්ස් 45, එවින් ලුවිස් 15, රෝමන් පවෙල් 28, අකීල් හොසේන් නොදැවී 23, බ්ලෙසින් මුසෙරබානි 38/2, සිකන්දර් රාසා 19/3)
සිම්බාබ්වේ - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 122
(වෙස්ලි මැදව්වේරේ 27, රෙගීස් චකබ්වා 13, සිකන්දර් රාසා 14, රයාන් බර්ල් 17, ලූක් ජොන්ග්වේ 29, අල්සාරි ජෝෂප් 16/4, ජේසන් හෝල්ඩර් 12/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.