Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයත් චරිත් අසලංක වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. එය දීර්ඝ කාලීන තීරණයක් බවත් ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
අසලංක ශ්‍රී ලංකාවේ 27 වැනි එක්දින නායකයාය.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙසින් අවසන් වරට සිටියේ කුසල් මෙන්ඩිස් වූවද, ඉන්දියාවට එරෙහිව ලබන 2 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේදී නායකත්වය චරිත් අසලංකට පවරා තිබේ.
වසර 2016 දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දැරූ චරිත් අසලංක එංගලන්තයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගාවලිය මෙන්ම යොවුන් එක්දින තරගාවලියත් ජයගත් නායකයාය. ඔහු දිගු කලක සිටම නායකත්වය වෙනුවෙන් පුරුදු පුහුණු කළ ක්‍රීඩකයෙකි. නිමා වූ එල්.පී.එල්. තරගාවලියේදීත් චරිත් අසලංක නායකත්වය දුන් යාපනය ‘කිංග්ස්’ කණ්ඩායම එල්.පී.එල්. කුසලාන දිනා ගත්තේය.
බෙහෙවින් තැන්පත් ක්‍රීඩකයකු වන චරිත් අසලංක වැඩිපුර කතා බහින් තොර වන නමුත් දැඩි පීඩනයක් යටතේ වුවද, තමන්ගේ පහර කරා යාමේ හැකියාවකින් යුතු පිතිකරුවෙකි. පවතින තත්ත්වය හසුරුවාගනිමින් වේගයෙන් ලකුණු රැස්කිරීමට හෝ කඩුල්ල ආරක්‍ෂකරගැනීමට ඔහුට පුළුවන.
ඉන්දියානු පිලට එරෙහි තරගාවලිය සඳහා එක්දින සංචිතය නම් කිරීමේදී අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න සංචිතයට ඇතුළත් වී සිටිති.
තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හැරුණු විට ඉදිරිපෙළ වේග පන්දු යවන්නන් ලෙසින් සංචිතයට ඇතුළත්ව ඇත්තේ ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු තිදෙනා පමණි. දඟ පන්දු යවන්නන් ලෙසින් අකිල ධනංජය, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග සංචිතයට අතුළත්ව සිටින අතර කමිඳු මෙන්ඩිස් මෙන්ම චරිත් අසලංක දෙදෙනාත් දඟ පන්දු යවති. ඔවුන් අතුරින් කමිඳු මෙන්ඩිස්ට අත් දෙකින්ම පන්දු යැවීමේ හැකියාව තිබේ.
කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම මෙන්ම නිශාන් මධුෂ්ක ද කඩුලු රකින්නෝ වෙති. සංචිතයේ සිටින එකම කෝඩුකාරයා වන නිශාන් මධුෂ්ක ටෙස්ට් ද්විත්ව ශතකයකට හිමිකම් කියන්නෙකි. මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ එක්දින තරගාවලියේ සර්ථකම පිතිකරුවා වන මධුෂ්ක ඉනිම 7 කදී ලකුණු 336 ක් ලබා සිටින අතර එහි ඉනිමක සාමාන්‍යය 67.20 කි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගාවලිය අගෝස්තු මස 2, 4 සහ 7 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා එක්දින සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මධුෂ්ක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාගේ, චාමික කරුණාරත්න, මහීෂ් තීක්‍ෂණ, අකිල ධනංජය, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ සහ අසිත ප්‍රනාන්දු
GAYAN Wednesday, 31 July 2024 12:52 PM
අනුර දිසානායක!
Reply 0 0
chandana Wednesday, 31 July 2024 04:57 PM
ඒකටත් චන්දිමාල් නැහැ. ඒකත් නැති වෙන්නම කනවා...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.