Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner සිදත් ජයසූරියට ඔරලෝසුවක් තෑගි දුන්නේ ඇයි ?

සිදත් ජයසූරියට ඔරලෝසුවක් තෑගි දුන්නේ ඇයි ?

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 16 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් ලියැවුණු ග‍්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකදී හිටපු ආරම්භක පිතිකරු සිදත් වෙත්තමුණි මහතා අපූරු සිදුවීමක් පිළිබඳ පැවසීය. එය 1996 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය සඳහා ෆයිස්ලාබාද් නුවර බලා පියාසර කරමින් සිටියදී ගුවන් යානය තුළ ඇතිවූ දෙබසක් සහ ඊට අනුයාත සිදුවීම් වැලකි.

සිදත් වෙත්තමුණි මහතාගේම වදනින් එය විස්තර කරන ලද්දේ මෙලෙසිනි.

”එංගලන්තය සමග අර්ධ අවසන් පූර්ව තරගයකට සහභාගීවීම සඳහා අපි ෆයිසලාබාද් නගරයට යමිනුයි සිටියේ. සනත් ජයසූරිය අසලින් තමයි මං ඒ මොහොතේ ගුවන්යානයේ වාඩිවී සිටියේ” මං ඔහුට කියා සිටියා ‘එංගලන්ත තරගයේදී ඔයා කරන්න  ඕන දෙයක් තියෙනවා.. ඔයාට තියෙන්නෙ  ඕවර 15 ක් යනකම් පන්දුවට පහර දෙන එක විතරයි’ කියලා.

”එවෙලේ සනත් මගෙන් ඇහුවා ”හරි මං  ඕවර 15 ක් යනකම් පන්දුවට පහර දුන්නොත් ඔයා මට මොනවද දෙන්නෙ කියලා”
එවිට මං එයාගෙන් ඇහුවා ‘ඔයාට මොනවද  ඕන කියලා’

ඒ ගුවන් සේවයට අයත් ගුවන් යානා වල ඔරලෝසු විකුණන්න තිබුණා. ඒවා අතර තිබුණ ‘කාටියර්’ වර්ගයේ ඔරලෝසුවක් දැකපු සනත්, මගෙන් ඇහුවා ”මං  ඕවර 15 ක් යනකම් පන්දුවට පහරදුන්නොත් ඔයා මට අර කාටියර් ඔරලෝසුව අරන් දෙනවද කියලා”

ඉතින් මං කිව්වා ‘හරි මං ඔයාට ඒ ඔරලෝසුව අරන් දෙන්නම් හැබැයි මේ ගනුදෙනුව වලංගු වෙන්නේ ඔයා  ඕවර 15 ක් යනකම් පන්දුවට පහරදුන්නොත් විතරයි‘ කියලා.

”මං දැනං හිටියා  ඕවර 15 ක් යනකම් සනත් කඩුල්ලේ රැදීසිටියොත් ඔහුට ලකුණු 50 රැස්කරගන්න පුලූවන් වේවී කියලා”
”නෝනාවරුනි, මහත්වරුනි.....ඔහුට  ඕවර 15 ක් යනකම් කඩුල්ලේ රැුදීසිටින්න බැරිවුණා. ඉතා අවාසනාවන්ත ලෙස ඔහු 12 වැනි  ඕවරයේදී දැවී ගියා. නමුත් ඒ හිස් අතින් නම් නොවෙයි, අගනා ලකුණු 82 ක් රැස්කිරීමෙන් පසුව”

”ඉන් පසුව අපි ඉතා හොඳින් කී‍්‍රඩා කර තරගය ජයගත්තා. අපි අතර සිදුවුණ ගනුදෙනුව කෙසේවෙතත්, පසුව මං සනත්ට අර කලින් කිව්ව කාටියර් ඔරලෝසුව අරන්දුන්නා.

 


අදහස් (16)

සිදත් ජයසූරියට ඔරලෝසුවක් තෑගි දුන්නේ ඇයි ?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.