Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව history_inner දුර ගමනක් යන්න මා සූදානම් - කෞෂාල්

දුර ගමනක් යන්න මා සූදානම් - කෞෂාල්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දුර ගමනක් යෑමට සූදානමින් සිටින වන බව පාකිස්තානයට එරෙහිව පළමු ටෙස්ට් තරග දෙකේදී අර්ධ ශතක තුනක් රැස්කළ යොවුන් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා පැවසීය.

සාජා ක‍්‍රීඩාංගණයේදී තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ‘ලංකාදීප’ය සමග විශේෂ සාකච්ඡුාවකට සහභාගි වෙමින් කෞෂාල් මෙසේ ද පැවසීය.

”මට ගොඩක් දුර ගමනක් තියෙනවා. මම මේ ඉනිම හතරෙන් සෑහීමට පත්වෙන්නේ නෑ, මට සෑම ඉනිමක්ම අභියෝගයක්. හැම ඉනිමකදීම ලකුණු රැස්කිරීමේ අවශ්‍යතාව මට තියෙනවා. මට සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් තරගයේදීද ජය ලැබීමේ අවශ්‍යතාව දැනෙවා. මගේ කණ්ඩායමට උපරිම යුතුකම් ඉටු කිරීම මගේ ඉලක්කයයි”

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන කෞෂාල් 27 වැනි වියේ පසු වෙයි.

ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ දෙවැනි ආගමනය පිළිබදව දැනෙන්නේ මොනවගේ හැගීමක්ද ?

”පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරන විට මට අත්දැකීම් තිබුණේ නෑ. ඒ අවස්ථාවේ චකිතයකින් තමයි ක‍්‍රීඩා කළේ. නමුත් මේ තරගාවලියට එන විට මගේ ආත්මවිශ්වාසය ගොඩක් ඉහළින් තිබුණා. ‘ඒ‘ කණ්ඩාමේ සහ අන්තර් සමාජ තරගවල වැඩිම ලකුණු රැුස් කරලා තමයි මම මේ තරගාවලියට පැමිණියේ. මට අවශ්‍ය වුණේ කෙසේ හෝ හොද ඉනිමක් ක‍්‍රීඩා කර විශ්වාසය ගොඩනගා ගැනීමයි. පළමු තරගයේදීම එය ඉටුකර ගන්න ලැබුණු නිසා දෙවැනි තරගයේදීත් සාර්ථක වෙන්න හැකියාව ලැබුණා”

ඔබ අර්ධ ශතකයට හෝ යනවා කියන ඉලක්කය ඇතිවද පන්දුවට පරදීමට පැමිණියේ ?

”මම එහෙම හිතාගෙන ආවේ නෑ, නමුත් මම හිතුවා මට හොද ආරම්භයක් ලැබුණොත් මගේ ඉලක්කය සම්පූර්ණ කරනවා කියා. මට ලකුණු 20 ක් 30 ක් ලබා දැවී යනවට වඩා ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවශ්‍යතාව මට තිබුණා. මම හිතනවා යම්තාක් දුරටත් කණ්ඩායමට අවශ්‍ය දේ කළා කියා. නමුත් මට තව ගොඩක් දේවල් කරන්න පු`ඵවන් ශතක දෙකක් අවසනාවන්ත ලෙස අහිමිවුණා. ඒ හැම දේකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. නැවත එවැනි අවස්ථාවකට මා පිවිසුණොත් කළ යුතු දේ පිළිබදව මට අත්දැකීම් ලැබුණා”

මෙම සංචාරයට එන විට අර්ධ ශතක තුනක් රැස්කරමින් සාර්ථක වෙන්න හැකියාව ලැබෙයි කියා හිතුනද?  

”ටෙස්ට් තරගයක් කියනේ ඇත්තටම වැඩි වෙලාවක් ක‍්‍රීඩා කිරීමයි. ආරම්භක පිතිකරුවකුගේ වගකීම නව පන්දුවේ වර්ණය අඩු වෙන තුරු පන්දුවට පහරදී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදීමයි. මම හිතන්නේ මගේ වගකීම නව පන්දුවෙන් ගැලවුණාට පසුව දිගටම ක‍්‍රීඩා කිරීමයි, මගෙන් කණ්ඩායමට ඉටුවිය යුතු රාජකාරි ඉටු කිරීමයි මගේ වගකීම. මම පන්දු සංඛ්‍යාව පිළිබදව එතරම් සැළකීමක් දක්වන්නේ නෑ. මගේ බලාපොරොත්තුව වැඩි පුර කාල පරාස සංඛ්‍යාවක් ක‍්‍රීඩා කිරීමයි”

ඔබ සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරුවකු නොවෙයි නේද?

”මම එස්.එස්.සී. කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙසසි කටයුතු කරන්නේ, සමහර අවස්ථාවල මට පළමු  ඕවරයේදීම පන්දුවට පහර දෙන්න සිදුවෙනවා. ‘ඒ’ කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ මම 193 ක් රැස්කළ තරගයේදී පළමු  ඕවරයේදීම ක‍්‍රීඩා කරන්න සිදුවුණා, ඊට පෙර මා ශකතයක් රැස්කළ තරගයේදීත් පළමු  ඕවර පහ තුළදී පන්දුවට පහරදීමට සිදුවුණා. දේශිය සිවුදින තරගාවලියේදීත් මා ආරම්භක පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කළා. මට නව පන්දුවට පහර දෙන්න අවස්ථාව ලැබෙනවා නම් මම ඒකට කැමතියි, ඒක මගේ පන්දුවට පහරදීමේ විලාශයට ගැලපෙනවා”

ඔබ වසර කීපයක්ම ලකුණු අතර සිටියත් අවස්ථාවක් ලැබුණේ නෑ, එය දරාගත්තේ කොහොමද?

”ඒ දේවල් ගැන මම එතරම් ලොකුවට හිතුවේ නෑ, මට පාලනය කළ හැකි දේ ගැන පමණයි මා හිතන්නේ. මම ලකුණු ගැහුවොත් මම දන්නවා හොද තැනකින් නවතී කියලා. මම ඒ පිළිබදව හිතුවා නම් මේ තැන ඉන්න බෑ, මට පෙන්නන්න අවශ්‍යතාව තිබුණා මට මේ දෙවල් කරන්න පුඵවන් කියලා. අන්තර් සමාජ සහ ‘ඒ’ තරගාවලිවලදී මම දස්කම් පෙන්නුවා, ඉදිරියටත් මම කරගෙන ගිය දේවල් කරගෙන යනවා, වෙනත් දේවල් පිළිබදව එතරම් හිතන්නේ නෑ. මගේ දස්කම් දියුණු කරගන්න අවශ්‍ය දේ කරලා ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා”

ඔබ පළමු තරගයේ සිටම පීඩනයෙන් තොරව ක‍්‍රීඩා කළා කියා අපිට හිතුණා. ඔබට පීඩනයක් තිබුණේ නැද්ද?

”මම ගොඩක් ක‍්‍රීඩා කර තියෙනවා, මම ඒ වගේම පීඩනය ඇති අවස්ථාවල ක‍්‍රීඩා කර තිබෙනවා. මටයි දිමුත්ට අවශ්‍ය වුණේ කඩුල්ලක් නොදී දිවා ආහාරය දක්වා ක‍්‍රීඩා කිරීමයි. දිවා ආහාරයෙන් පසුව ලකුණු රැස්කළ හැකි බව අපි දැනගෙන හිටියා. අපි දෙන්නගේ පීඩනය අපි කථා කරලා අඩුකර ගත්තා”

ටෙස්ට් පිතිකරුවකු ලෙස ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

”ඇත්තටම මේක හො`ද කාලයක්, මෙය මම ලකුණු අතර ඉන්න කාලය. මම හිතනවා ලකුණු අතර ඉන්න කාලේ තමයි කණ්ඩායමට එන්න  ඕනේ කියලා. ලකුණු රැුස්කර ඉදිරියට යෑම තමයි මගේ එකම බලාපොරොත්තුව”


අදහස් (0)

දුර ගමනක් යන්න මා සූදානම් - කෞෂාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.