Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පංජාබ් පිල සුපිරි ඕවරයේදී ජය ගනී

පංජාබ් පිල සුපිරි ඕවරයේදී ජය ගනී

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) 18 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ කිංග්ස් XI පංජාබ් පිල අතර අහමදාබාද්හි සර්දාර් පටේල් කී‍්‍රඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති තරගය සුපිරි  ඕවරයේදී ජයගැනීමට කිංග්ස් XIපංජාබ් පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI පංජාබ් පිල  ඕවර නියමිත 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 191 ක් ලබා ගැනීම නිසා දෙපිලේ ලකුණු සම විය.

එම නිසා තරගයේ ජය පරාජය තීරණය කිරීම සඳහා සුපිරි  ඕවරය කි‍්‍රයාත්මක කෙරිණ. එහිදී කිංග්ස් XI පංජාබ් පිල කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබාගත් අතර රාජස්ථාන් රෝයල්ස් පිලට කඩුලූ 2 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 6 ක් පමණි.

පංජාබ් පිල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට ෂෝන් මාෂ් (65) සහ ඬේවිඞ් මිලර් (54) සමත් වූහ. පන්දු 40 කදී වාර්තා වූ ෂෝන් මාෂ්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 30 කදී වාර්තා වූ ඬේවිඞ් මිලර්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 191 ක් ලබාගත්තේය.
රාජස්ථාන් පිලේ ආරම්භක පිතිකරු අජන්ක්‍යා රහනේ පන්දු 54 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 74 ක් රැුස්කිරීමට සමත් විය.

රහනේ සහ ෂේන් වොට්සන් (45) අතර පළමු කඩුල්ල පන්දු 69 කදී සඳහා ගොඩනැගුණු සම්බන්ධතාව ලකුණු 95 කි. පන්දු 35 කදී වාර්තා වූ වොට්සන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ කිංග්ස් XI පංජාබ් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා රාජස්ථාන් රෝයල්ස් පිලට ආරාධනා කර සිටියේය.

රාජස්ථාන් රෝයල්ස් පිල -  ඕවර 20 කඩුලූ 6 ක් දැවී 191
(අජන්ක්‍යා රහනේ 74, ෂේන් වොට්සන් 45, දීපක් හූඩා 19, කරුන් නායර් 25, අක්ෂර් පටේල් 30/2)

කිංග්ස් XI පංජාබ් පිල -  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 191
(මුරලි විජේ 21, ෂෝන් මාෂ් 65, ඬේවිඞ් මිලර් 54, රිධිමන් සහා 19)

සුුපිරි  ඕවරය

කිංග්ස් XI පංජාබ් පිල - කඩුල්ලක් දැවී 16
රාජස්ථාන් රෝයල්ස් පිල - කඩුලූ 2 ක් දැවී 6

-036

 


අදහස් (0)

පංජාබ් පිල සුපිරි ඕවරයේදී ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.