Last Update  :  2025-05-14 15:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 දකුණු අපි‍්‍රකාවට කඩුලූ 3 ක ජයක්

දකුණු අපි‍්‍රකාවට කඩුලූ 3 ක ජයක්

ශනුක අරවින්ද - 2014 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව  ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී ඊයේ (16 වැනිද) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට සංචාරක දකුණු අපි‍්‍රකාව සමත්විය.

ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙක අවසානයේ 1-1 ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙති.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකානු පිල,  ඕවර 27.4 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

දකුණු අපි‍්‍රකානු පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 41 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 48 ක් රැස්කළේය.  

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජොෂ් හේසල්වුඞ් ලකුණු 31 කට කඩුලූ 5 ක් දවාගත්තද, ඕස්ටේ‍්‍රලියානු පිල පරාජයෙන් ගළවා ගැනීම සඳහා එය දස්කම ප‍්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 41.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 154 ක් ලබාගත් අතර ඕස්ටේ‍්‍රලියානු පිලේ එකම අර්ධ ශතක ලාභියා වූ මිචෙල් මාෂ්, පන්දු 88 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 67 ක් රැස්කළේය.

ඊයේ දිනයේදී තම එක්දින කි‍්‍රකට් දිවියේ හෙඳම පන්දු යැවීම ප‍්‍රදර්ශනය කළ මෝනි මෝකල් ලකුණු 21 කට කඩුලූ 5 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්විය.

ඕස්ටේ‍්‍රලියානු පිල -  ඕවර 41.4 කදී සියලූ දෙනා දැවී 154
(ජෝජ් බේලි 25, මිචෙල් මාෂ් 67, මැතිව් වේඞ් 19, මෝනි මෝකල් 21/5, ඬේල් ස්ටේන් 35/3)

දකුණු අපි‍්‍රකානු පිල -  ඕවර 27.4 කදී කඩුලූ 7 ක් දැවී 268
(ෆෆ් ඩුප්ලෙසි 19, රිලී රොස්සොව් 30, ඒ. බී. ඩිවිලයස් 48, ඬේඩිඞ් මිලර් නොදැවී 22, ජොෂ් හේසල්වුඞ් 31/5)

-036

 


අදහස් (0)

දකුණු අපි‍්‍රකාවට කඩුලූ 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.