රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිලූකා ගීතානි රාජසේකර 129 වැනියා ලෙස තරගය නිමා කළාය. ඇයට තරගය නිමා කිරීම සඳහා ගතවූ කාලය පැය 3:11:05 කි.
මෙය ඇගේ හොඳම තරග නිමි කාලයට වඩා විනාඩි 23 ක වැඩිවීමක් වන අතර 2014 වසරේ කොළඹ මැරතන් තරගය පැය 2:47:55 කින් නිමා කරමින් ඇය සිය හොඳම කාලය වාර්තා කළාය.
කාන්තා මැරතන් තරගයේ රන් පදක්කම දිනාගැනීමට පැය 2:24:04 කින් තරගය නිමා කළ කෙන්යාවේ ජෙමිමා ජෙලාගට් සුම්ගොං සමත් වූවාය.
පැය 2:24:13 කින් තරගය නිමා කළ බහරේන්හි ඉයුනිස් ජෙප්කිරුයි කිර්වා එහි රිදී පදක්කම දිනාගත් අතර පැය 2:24:30 කින් තරගය නිමා කළ ඉතියෝපියාවේ මරේ දිබාබා ලෝකඩ පදක්කම දිනාගත්තාය.
|
|
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.