එංගලන්ත කාන්තා පිල කඩුලූ 6 කින් පරාජය කළ ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ විස්සයි:20 කාන්තා ලෝක කුසලානය දිනාගත්හ. මීර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී අද (6 වැනිදා පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 106 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවෝ පිට පිටම දෙවැනි වතාවටත් මෙම කුසලානය දිනාගත්හ.
ඕස්ටේ‍්‍රලියානු නායිකා මෙග් ලැනින් අලංකාර හයේ පහර දෙකක් සහ හතරේ පහර 4 ක් සහිතව පන්දු 30 කදී ලකුණු 44 ක් ලබාගනිමින් තම පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියාය. නොදැවී ලකුණු 31 ක් ලබාගත් එළිස් පෙරී සිය නායිකාවට අගනා සහයක් දුන් අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක් රැුස්කිරීමටද දායක වූවාය.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 105 ක් ලබාගත්තේය.
එංගලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකාරිණියන් දෙදෙනා වන සාරා ටේලර් (18) සහ නායිකා චාලට් එඞ්වඞ් (13) කල්වේලා ඇතිවම දවාගත් වේග පන්දු යැවීමේ කී‍්‍රඩිකා සාරා කොයිට් ඕස්ටේ‍්‍රලියානු තරගයේ ඉදිරියෙන් තැබුවාය. හෙදර් නයිට් පන්දු 24 කදී ලකුණු 29 ක් ලබාගත් නමුත් සෙසු පිතිකාරිණියන්ගෙන් ඇය ලද සහයෝගය මඳ විය.
එංගලන්ත කාන්තා - කණ්ඩායම ඕවර 20 ක දී කඩුලූ 8 ට 105
(සාරා ටේලර් 18, චාලට් එඞ්වඞ්ස් 13, හෙදර් නයිට් 29, රේන් ෆෙරල් 27/2, ඇලිස් පෙරී 13/2, සාරා කොයිට් 13/3)
ඕස්ටේ‍්‍රලියානු කාන්තා කණ්ඩායම - ඕවර 15.1 කදී කඩුලූ 4 ක් දැවී 106
(එළිස් විලානි 12, ජෙස් ජොනසන් 15, මෙග් ලැනින් 44, එළිස් පෙරී නොදැවී 31, නෙතලි ෂීවර් 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.