Last Update  :  2025-10-25 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 කඳුරට පිලට ජැට් හෝල්ඩිංග්ස් අනුග‍්‍රහය

කඳුරට පිලට ජැට් හෝල්ඩිංග්ස් අනුග‍්‍රහය

ශනුක අරවින්ද - 2013 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 14 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ‘කඳුරට මෙරූන්ස්’ පිලට අනුග‍්‍රහය දැක්වීමට ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් වන ජැට් හෝල්ඩින්ස් සමාගම ඉදිරිපත්ව සිටියි.

ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් ‘කඳුරට මෙරූන්ස්’ පිල පළමුවෙන්ම ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග තුනකට සහභාගි වෙයි. කඳුරට මෙරූන්ස් පිල හෙට (13) රාත‍්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය.

මෙම කණ්ඩායමට ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, උපුල් තරංග, නුවන් කුලසේකර සහ අජන්ත මෙන්ඩිස් ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයෝ 11 දෙනෙක් ඇතුළත්ව සිටිති.

ඡයාරූපය:
ජැට් හෝල්ඩින්ස් සමාගමේ අධ්‍යක්‍ෂ ජෝයි ගුණවර්ධන මෙනෙවිය විසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස සහ නිශාන්ත රණතුංග යන මහත්වරුට අනුග‍්‍රහක චෙක්පත නිල වශයෙන් පිරිනමන ලද අවස්ථාව. නායක ළහිරු තිරිමාන්නද ඡයාරූපයේ සිටී.
     

 


අදහස් (0)

කඳුරට පිලට ජැට් හෝල්ඩිංග්ස් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.