Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ඕස්ටේ‍්‍රලියාවෙන් (417/6) නව ලෝක කුසලාන වාර්තාවක්

ඕස්ටේ‍්‍රලියාවෙන් (417/6) නව ලෝක කුසලාන වාර්තාවක්

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 26 වැනි තරගය ලෙස  ඕස්ටේ‍්‍රලියාව සහ ඇෆ්ගනිස්තානය අතර පර්ත්හිදී අද (04) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන්  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 275 ක පහසු ජයක් ලැබීය.

මෙම ජයග‍්‍රහණයත් සමඟ  ඕස්ටේ‍්‍රලියාව ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පැමිණියේය.

ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ ඇෆ්ගනිස්තානු ඉනිම  ඕවර 37.3 කදී ලකුණු 142 කට සීමා කිරීමට සමත් වූහ.  

පළමු පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 50 යේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 417 ක් රැස් කිරීමට සමත් විය.

මෙම ලකුණු 417 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ. මීට පෙර ඉන්දියාව 2007 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී බර්මියුඩාවට එරෙහිව රැස්කළ ලකුණු 413 ඉහළතම ඉනිම ලෙස සටහන්ව තිබුණි.

මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ලකුණු 400 පසු කළ තෙවැනි ඉනිම මෙය වේ. දකුණු අප‍්‍රිකානු පිල බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලනයට එරෙහිව ලකුණු 408 ක් සහ 411 ක් රැස් කළේය.

 ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් පන්දු 133 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 178 ක් රැුස් කිරීමට සමත් විය.
ස්ටීවන් ස්මිත් (95) සහ ග්ලේන් මැක්ස්වෙල් (88) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූහ.

ග්ලේන් මැක්ස්වෙල්ගේ ලකුණු 88 පන්දු 39 කින් වාර්තා වූ අතර එයට හතරේ පහර 6 ක් සහ හයේ පහර 7 ක් ඇතුළත් විය. මැක්ස්වෙල් පන්දු 21 කින් අර්ධ ශතක සම්පූර්ණ කළේය.

ඇෆ්ගනිස්තානු පිලේ නායක මොහොමඞ් නබී කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට  ඕස්ටේ‍්‍රලියානු පිලට ආරාධනා කළේය.


ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 යේදී කඩුලූ 6 ට 417 (ඬේවිඞ් වෝනර් 178, ස්ටීවන් ස්මිත් 95, ග්ලේන් මැක්ස්වෙල් 88, බ‍්‍රැඞ් හැඩින් නොදැවී 20, ඞී. ෂාදාන් 101/2, එස්. ෂාදාන් 89/2)

ඇෆ්ගනිස්තානු පිල  ඕවර 37.3 කදී සියලූ දෙනා දැවී 142 (නව්රොෂ් මංගල් 33, නජිබුල්ලා ෂාදාන් 24, මිචෙල් ස්ටාක් 18/2, මිචෙල් ජොන්සන් 22/4, ජෝෂ් හෂ්ලිවුඞ් 25/2)  

 

- 048


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවෙන් (417/6) නව ලෝක කුසලාන වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.