Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 රයිනා යළිත් ටෙස්ට් දොරටුව අබියස

රයිනා යළිත් ටෙස්ට් දොරටුව අබියස

ශනුක අරවින්ද - 2014 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ඉන්දීය කි‍්‍රකට් සභාපති වරයාගේ පිල සහ කෙදෙව් පිල අතර කාන්පූර්හිදී පැවැත්වෙන පුහුණු තෙදින තරගයේදී ඉන්දීය කි‍්‍රකට් සභාපති වරයාගේ පිල මෙහෙයවීමේ අවස්ථාව සුරේෂ් රයිනාට හිමිවී තිබේ.

සිය මංගල ටෙස්ට් තරගයේදීම ශී‍්‍ර ලංකාවට එරෙහිව ශතකයක් ලබාගත් සුරේෂ් රයිනා 2012 වසරේ සිට මේ වන තෙක් කිසිදු ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කර නොමැත.

කොදෙව් පිලට එරෙහිව පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 2 ට කී‍්‍රඩා කිරීම සඳහා, දැනට පවතින කී‍්‍රඩකයන් 14 දෙනකුගෙන් සමන්විත වූ ඉන්දීය සංචිතයට වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩක අක්ෂර් පටේල් කැඳවා තිබේ.

ඉන්දියාවේ ගුජරාටි ප‍්‍රාන්තයෙන් බිහිවූ දක්ෂ දඟ පන්දු යවන්නකු වන අක්ෂර් පටේල්, අයි. පී. එල්. තරගාවලියේදී සහ ශූරයන්ගේ විස්සයි20 තරගාවලියේදී කිංග්ස් XI පන්ජාබ් පිල නියෝජනය කරමින් දැක්වූ දක්ෂතා සහ ඉන්දීය ‘ඒ’ පිල නියෝජනය කරමින් දැක්වූ දක්ෂතා ඔහුව ජාතික කණ්ඩායමට කැඳවීමට හේතු වී තිබේ.

එක්දින තරගාවලියෙන් පසුව දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගය සඳහා කී‍්‍රඩා කිරීමට නියමිත ඉන්දීය සංචිතයටද අක්ෂර් පටේල් ඇතුළත්ව සිටින අතර ඔහුට අමතරව කොල්කටා නයිට්රයිඩර්ස් පිල නියෝජනය කළ යොවුන් පිතිකිරුවකු වන මනීෂ් පාණ්ඬේද ඒ සඳහා කැඳවා තිබේ.

තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති මනීෂ් පාණ්ඬේ, අයි. පී. එල්. තරගාවලියක ශතකයක් රැස්කළ පළමු ඉන්දීය කී‍්‍රඩකයා ලෙසද සැළකේ.

ඉතිරි එක්දින තරග 2 සඳහා ඉන්දීය සංචිතය -
මහේන්ද්‍ර සිං දෝනි (නායක), ශිකර් ධවාන්, අජන්ක්‍යා රහනේ, විරාත් කෝලි, සුරේෂ් රයිනා, අම්බටි රයිඩු, රවින්ද්‍ර ජදේජා, අමිත් මිස්රා, බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් සාමි, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්, මුරලි විජේ, කුලදීප් යාදව්, අක්ෂර් පටේල්

විස්සයි20 තරගය සඳහා ඉන්දීය සංචිතය -
මහේන්ද්‍ර සිං දෝනි (නායක), ශිකර් ධවාන්, අජන්ක්‍යා රහනේ, විරාත් කෝලි, සුරේෂ් රයිනා, ස්ටුවර්ට් බිනී, රවින්ද්‍ර ජදේජා, අක්ෂර් පටේල්, කරන් ශර්මා, බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් සාමි, සංජු සැම්සන්, මනීෂ් පාණ්ඬේ, උමේෂ් යාදව්

පුහුණු තෙදින තරගය සඳහා ඉන්දීය සංචිතය -
සුරේෂ් රයිනා (නායක), ජිවනෝත් සිං, කේ. එල්. රාහුල්, නාමන්  ඕජා, රෝහිත් ශර්මා, මනෝජ් තිවාරි, රිධිමන් සහා, කරුන් නායර්, පර්වීස් රසූල්, පන්කජ් සිං, ඊෂ්වර් පාණ්ඬේ, ජස්පී‍්‍රත් බුම්රා, කරන් ශර්මා, කුල්දීප් යාදව්

-036

 


අදහස් (0)

රයිනා යළිත් ටෙස්ට් දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.