ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (17 වැනිදා) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක් එක්කළ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම ශතක සම්බන්ධතා ගොඩනැංවූ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය අත්කරගත්හ.
ටෙස්ට් තරග වලදී ලොව වැඩිම ශතක සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන් දෙදෙනා වන්නේ ටෙස්ට් තරග 143 කදී එක්ව කී‍්‍රඩා කරමින් ශතක සම්බන්ධතා 20 ක් ගොඩනැංවූ සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඞ් දෙදෙනාය. මහේල සහ සංගක්කාර දෙදෙනා තරග 120 කදී කී‍්‍රඩා කරමින් ශතක සම්බන්ධතා 19 ක් ගොඩනැංවූහ.
ටෙස්ට් පිතිකරුවන් කඩුලූ සම්බන්ධතාවලින් එක්රැස්කරගත් ලකුණු සංඛ්‍යාව අනුවද මහේල සහ සංගක්කාර දෙදෙනා දෙවැනි තැන ගෙන සිටිති. ඔවුන් දෙදෙනා අතර පැවැති සම්බන්ධතා වලින් ශී‍්‍ර ලංකා පිලට එක්වූ ලකුණු සංඛ්‍යාව 6554 කි.
එහිදී මෙම විශිෂ්ට පිතිකරුවන් දෙදෙනාට ඉදිරියෙන් සිටින්නේ තවත් අති විශිෂ්ට ගණයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනකු වූ බටහිර ඉන්දීය ¥පත් පිල නියෝජනය කළ ගෝර්ඞ්න් ගි‍්‍රනිජ් සහ ඩෙස්මන්ඞ් හේන්ස් දෙදෙනාය.
වසර 2000 දී ගාල්ල කී‍්‍රඩාංගණයේදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව පැවැති කුමාර් සංගක්කාරගේ මංගල ටෙස්ට් තරගයේදී මහේල ජයවර්ධන අති විශිෂ්ට ලකුණු 167 ක් ලබාගත් අතර එම තරගයේදී අංක 5 පිතිකරුවා වශයෙන් පැමිණි සංගක්කාර ලබාගත්තේ ලකුණු 23 ක් පමණක් වූ නමුත් දෙදෙනා අතර සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 81 කි. සංගක්කාර - මහේල කඩුලූ සම්බන්ධතාව ආරම්භ වූයේ එතැනිනි.
එයින් වසර 14 කට පසුව මහේලගේ සමුගැනීමේ තරගයේදී ශී‍්‍ර ලංකා දෙවැනි ඉනිම ඔසවා තැබූ මෙම විශිෂ්ට පිතිකරුවන් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ සම්බන්ධතාව ලකුණු 107 කි.
සියලූ යහපත් දේ මෙන් සංගක්කාර - මහේල කඩුලූ සම්බන්ධතාවද ඒ පිළිබඳ සුන්දර මතක සටහන් ඉතිරි කරමින් මේ වන විට නිමාව වී තිබේ. එය නැවත කිසි දිනෙක ටෙස්ට් පිටියකදී දැකගත හැකි නොවනු ඇත.
| ටෙස්ට් සම්බන්ධතා වලින් ලකුණු 6000 ඉක්මවූ පිතිකරුවෝ | ||||
| පිතිකරුවෝ | ඉනිම | ලකුණු | හොඳම | සාමා. |
| රාහුල් ද්‍රාවිඞ් - සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) | 143 | 6920 | 249 | 50.51 |
| කුමාර් සංගක්කාර - මහේල ජයවර්ධන (ශී‍්‍ර ලංකාව) | 120 | 6554 | 624 | 56.5 |
| ගොර්ඞ්න් ගි‍්‍රනිජ් - ඩෙස්මන්ඞ් හේන්ස් (බ.ඉ.කොදෙව්) | 148 | 6482 | 298 | 47.31 |
| මැතිව් හේඞ්න් - ජස්ටින් ලැන්ගර් ( ඕස්ටේ‍්‍රලියාව) | 122 | 6081 | 255 | 51.53 |
| ටෙස්ට් ශතක සම්බන්ධතා 15 ට වැඩියෙන් පැවැත්වූවෝ | ||
| පිතිකරුවෝ | ඉනිම | ශ.ස. |
| රාහුල් ද්‍රාවිඞ් - සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) | 143 | 20 |
| කුමාර් සංගක්කාර - මහේල ජයවර්ධන (ශී‍්‍ර ලංකාව) | 120 | 19 |
| මැතිව් හේඞ්න් - රිකී පොන්ටිං ( ඕස්ටේ‍්‍රලියාව) | 76 | 16 |
| ගොර්ඞ්න් ගි‍්‍රනිජ් - ඩෙස්මන්ඞ් හේන්ස් (බ.ඉ.කොදෙව්) | 148 | 16 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.