Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 සංගා - මහේල ශී‍්‍ර ලංකාව ඔසවති

සංගා - මහේල ශී‍්‍ර ලංකාව ඔසවති

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 

සංගා - මහේල ශී‍්‍ර ලංකාව ප‍්‍රබල තැනකට ගෙනෙති
කුමාර් සංගක්කාර (නොදැවී 160) සහ මහේල ජයවර්ධන (72) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 178 ක සම්බන්ධතාව නිසා බංග්ලාදේශ පිලට එරෙහිව චිතගොන්හි, ශහුර් අහ්මඞ් චෞද්රි ක‍්‍රීඩාංගණයේදී අද (04) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 314 ක් රැස්කර සිටියේය.

දිනයේ කී‍්‍රඩාව නතර කරන වන විට කුමාර් සංගක්කාර (නොදැවී 160) සහ කිත්රුවන් විතානගේ (නොදැවී 0) පන්දුවට පහර දෙමින් සිටියහ. කුමාර් සංගක්කාර පන්දු 245 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 160 ක් රැස්කිරීමට සමත්ව සිටියේය.

සංගක්කාර හෙට දිනයේ ද්විත්ව ශතකය සම්පූර්ණ කළ හොත් වසර 130 ට අධික ලෝක ටෙස්ට් වංශ කථාවේ වැඩිම ද්විත්ව ශතක ලාභීන් අතර දෙවැනි ස්ථානයට පැමිණීමේ අවස්ථාව තිබේ. සංගක්කාර මේ වන විට ද්විත්ව ශතක 8 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි.

ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු සුපිරි පිතිකරු ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ටෙස්ට් ද්විත්ව ශතක 12 ක් ද, කොදෙව් පිලේ හිටපු පිතිකරු බ‍්‍රයන් ලාරා ටෙස්ට් ද්විත්ව ශතක 9 ක් ද, වාර්තා කරමින් සංගක්කාරට ඉදිරියෙන් සිටිති.

මෙය කුමාර් සංගක්කාරගේ 34 වැනි ටෙස්ට් ශතකය වන අතර මෙම ශතකයත් සමග සංගක්කාර ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ශතක ලාභීන් අතර පස්වැනි ස්ථානයට පත්විය.

සංගක්කාරට අමතරව හිටපු සුපිරි පිතිකරුවන් වන සුනිල් ගවස්කාර් සහ බ‍්‍රයන් ලාරා ටෙස්ට් ශතක 34 බැගින් වාර්තා කර තිබේ. නමුත් සංගක්කාර තරග 122 කදී ශතක 34 සම්පූර්ණ කළ බැවින් ගවස්කාර්ට (තරග 125 කදී) සහ බ‍්‍රයන් ලාරාට (තරග 131 කදී) වඩා ඉදිරියෙන් සිටිති.

පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරුවකදී කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ගත් තීරණය සාධාරණ බව මොනවට කියා පාමින් මහේල ජයවර්ධන සහ සංගක්කාර පන්දුවට පහර දුන්හ. එහෙත් මහේලගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි උපනායක දිනේෂ් චන්දිමාල් මෙන්ම චන්දිමාල් දැවී යාමෙන් පසුව පැමිණි නායක මැතිව්ස්ද ඉතාමත් අපරික්‍ෂාකාරී පහර දෙකකින් තමන්ගේ කඩුලූ බංග්ලාදේශ පිලට පූජා කළහ.

පළමු ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් ලබාගත් මහේල ජයවර්ධන අද සිය 46 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කර ගැනීමෙන් පසුව දැවී ගියේය.

රංගන හේරත් සහ ශාමින්ද එරංග ආබාධයන්ට ලක්වීම නිසා මෙම තරගයේදී එම ස්ථානවලට අජන්ත මෙන්ඩිස් සහ නුවන් ප‍්‍රදීප් කැදවා තිබේ.

බංග්ලාදේශ පිලේ වෙනස්කම් තුනක් කරමින් ඉම්රුල් කයිස්, මොහොමඞ් මහුමුදුල්ලා සහ අබ්දුර් රසාක් මෙම තරගයට කැදවා සිටිති. පළමු තරගයට ක‍්‍රීඩා කළ රොබියුල් ස්ලාම්, රුබෙල් හොසේන් සහ මර්ෂල් අයුබ් යන ක‍්‍රීඩකයන්ට ස්ථාන අහිමි වූහ.

හෙට (05) තරගයේ දෙවැනි දිනයයි.

 

- 048

 

ලකුණු පුවරුව


අදහස් (2)

සංගා - මහේල ශී‍්‍ර ලංකාව ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.