Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මැතිව්ස්ට වටහාගත නොහැකි තරමේ තිගැස්මක්

මැතිව්ස්ට වටහාගත නොහැකි තරමේ තිගැස්මක්

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව වෙලින්ටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජයග‍්‍රහණය කළ හැකිව තිබූ තත්ත්වයක සිට එම තරගය පරාජය විම දක්වා තම කණ්ඩායම ඇදී ගිය ආකාරය තේරුම්ගත නොහැකිව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ලතවෙමින් සිටී.

ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ගේ ටෙස්ට් ද්විත්ව ශතක 12 ට ආසන්න වෙමින් කුමාර් සංගක්කාර ලබාගත් ලකුණු 203 ත් සමගින් සිය පළමු ඉනිම සඳහා ලකුණු 356 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට මුල් ඉනිමේදී ලකුණු 135 ක ඉත් ප‍්‍රයෝජනවත් වාසියක්ද ලැබිණ. නවසීලන්ත දෙවැනි ඉනිමේ කඩුලූ 5 ක් ලකුණු 159 ට බිඳ වැටීමෙන් පසුව ශී‍්‍ර ලංකා පිලට ජය පෙනන මානයේ තිබිණ. ඒ වන විටත් කඩුලූ 5 ක් පමණක් අතැතිව සිටි නවසීලන්ත පිල ඉදිරියෙන් සිටියේ ලකුණු 24 කින් පමණි.

එහෙත් එතැන් සිට සියල්ලම කණපිට පෙරැුළිණ. ශී‍්‍ර ලංකා පිලට පරාජය කැඳවූයේ අන් කිසිවක් නොව දුර්වල පන්දු රැකීමයි.

කේන් විලියම්සන් විසින් ලකුණු 29 දී දෙන ලද උඩපන්දුව අතහැරීමෙන් පසුව ඔහුගේ තවත් උඩපන්දු 3 ක් ගිළිහී ගිය අතර නවසීලන්ත ඉනිම නතර කෙරුණේ කඩුලූ 5 කට ලකුණු 542 ක් ලබාගැනීමෙන්

සංගක්කාරගේ දැවී යාම පිළිබඳව සතුට පළ කරන නවසීලන්ත කණ්ඩායම

පසුවය. ඒ වන විට විලියම්සන් නොදැවී ලකුණු 242 ක් ලබා සිටියේය.

”ඒක නම් තිගැස්සෙන තරමේ සිදුවීම් වැලක්”

ජයගත හැකිව තිබූ තරගයක් පරාජය වූයේ කෙසේද යන්න කළ විමසීමේදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පිළිතුරු දුන්නේ එලෙසිනි.

”අපි අපේ උඩපන්දු ටික රැුකගත්තා නම් මේක වෙනස් විදිහේ කතාවක් වෙන්න තිබුණා. ඇරත් ඔවුන්ට තිබූ පීඩනය ඔවුන් ආපිට අපට හැරෙව්වා. ඒත් අපට ඒක දරාගෙන ඉන්න බැරිවුණා”

”මේ වගේ තරගයක් ජයගන්න යන ගමනකදී ඒ වගේ පහසු උඩපන්දු අතහරින්න බෑ” යයිද මැතිව්ස් පැවසීය.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලට විනාශය කැඳවූයේ ටෙ‍්‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් සංගක්කාර පසුකර කඩුලූ රකින්නා වෙත ඇදී යාමෙන් පසුවය. ඒ වන විට ලකුණු සංඛ්‍යාව කඩුලූ 2 කට 61 ක් විය.

බෝල්ට්ගේ ඉල්ලීම බාගෙට කළ එකක් වූ අතර කඩුලූ රකින්නා වූ බී. ජේ. වොට්ලිංද ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වීය. එහෙත් නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් එය තුන්වැනි විනිසුරුවරයාට යොමු කළේය.

නිගමනයකට පැමිණිය නොහැකි තරමේ රූප රාමු රැුසක්ම වරින් වර විමසා බැලූ තුන්වැනි විනිසුරු බෲස් ඔක්සන්ෆර්ඞ් මහතාගේ තීරණය වූයේ පන්දුව යාන්තමින් පිත්තේ ගැටුණු බවයි. මොහොතකින් සංගක්කාර ආපසු කී‍්‍රඩාගාරය කරා පියමං කරමින් සිටියේය.

”විනිසුරුවරුන්ට තියෙන්නේ අසීරු රාජකාරියක්. ඒ ගැන (විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේය සම්බන්ධයෙන්) අදහස් පළකරන්නත් බෑ. ඒත් ඒ ගැන පරිස්සමෙන් කටයුතු කරන්න  ඕනෑ” යයි ඇන්ජලා් මැතිව්ස් පැවසීය.

”හැම දේම සිදුවූයේ ඒ විදිහට තමා. වාසනාවන්ත වුණත්, අවාසනාවන්ත වුණත් ඒ දේවල් බාරගන්න අපට සිදුවෙනවා” යයිද ශී‍්‍ර ලංකා නායකයා වැඩිදුරටත් පැවසීය.

”ඔහු තමා අපේ ප‍්‍රධාන පිතිකරුවා. ලකුණු අතර සිටින කෙනා. ඒ වගේ වෙලාවක ඔහුත් සමග තවත් කෙනෙක් දිගින් දිගටම පිටියේ රැුඳීඉන්න  ඕනෑ. ඒත් සංගාගේ කඩුල්ල ඉතාමත් තීරණාත්මකයි” යයි ශී‍්‍ර ලංකා නායකයා විස්තර කළේය.

එසේ වුවත් තමන්ගේ පසුපෙළ පිතිකරුවන්ගෙන් අපේක්‍ෂිත සහයෝගය කණ්ඩායමට නොලැබුණු බවද මැතිව්ස් අදහස් කරයි.

”අප සම්බන්ධතා ගොඩනංවා ගත යුතුව තිබුණා. අනෙක අපි ඔහුට (සංගක්කාරට) මේ තරම් පීඩනයක් දිය යුතුව තිබුණේ නෑ”

”ඔහු ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවෙක් වගේම අප දැකලා තියෙන අති විශිෂ්ටයන්ගෙන් කෙනෙක්. ඒත් අපේ තරුණ කී‍්‍රඩකයන් වුණත් තම තමන්ගේ වගකීම බාර අරගෙන ලකුණු රැුස්කරන්න  ඕනෑ” යයි මැතිව්ස් පැවසීය.

”හෙමින් හෙමින් වුණත් තරුණයෝ තමන්ගේ පාඩම් ඉගෙන ගනීවි. ඒත් මේ අන්තර්ජාතික මට්ටමේ කි‍්‍රකට් කී‍්‍රඩාවයි. සෑම වෙලාවකදීම එකම කී‍්‍රඩකයකුට ලකුණු ලබාගන්න බෑ. අනෙක් අයත් තමන්ට ලැබෙන අවස්ථාවලින් ප‍්‍රයෝජන ගන්න  ඕනෑ” යයිද මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

මැතිව්ස්ට වටහාගත නොහැකි තරමේ තිගැස්මක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.