Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 මහේල ටෙස්ට් ලකුණු 11,000 යි

මහේල ටෙස්ට් ලකුණු 11,000 යි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (19) ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිමේදී මහේල ජයවර්ධන 13 වැනි ලකුණු රැස්කිරීමත් සමග ටෙස්ට් ලකුණු 11,000 සම්පූර්ණ කළේය.

මහේල ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 11,000 ක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා මෙන්ම ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 11,000 ක් රැස්කළ 8 වැනිදා ක‍්‍රීඩකයා බවට ද පත්විය.

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන අද දිනය නිමා වන විට ලකුණු 46 ක් ලබා ටෙස්ට් තරග 141 කදී ලකුණු 11,032 ක් රැස්කර සිටියේය.

දකුණත් පිතිකරු මහේල ටෙස්ට් ශතක 32 ක් සහ අර්ධ ශතක 45 ක් ලබාගෙන තිබේ. මහේලගේ ශතක 32 ක ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභීන් අතර අටවැනි තැනට පත්ව තිබේ.

මහේල ජයවර්ධන ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ ඉහළතම පිතිකරු සම්බන්ධතාව සදහා වන ලෝක වාර්තාවේ ද සාමාජිකයෙකි. මහේල සහ සංගක්කාර 2006 වසරේ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 624 ක සම්බන්ධතාවක් පවත්වමින් එම වාර්තාව පිහිටුවා තිබේ. මහේල එම ඉනිමේදී රැස්කළ ලකුණු 374 ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවකු ඉනිමකදී රැස්කළ සිවුවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.

 ශ‍්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් පිටියේ තෙවැනි වැඩි ලකුණු ලාභියා වන 36 හැවිරිදි මහේල මේ වන විට එක්දින තරග 407 කදී ලකුණු 11,401 ක් රැස්කර තිබේ. හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය (13,364) සහ කුමාර් සංගක්කාර (11,877) එක්දින පිටියේ මහේලට ඉදිරියෙන් සිටිති.

ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් ලකුණු 15,921 ක් සහ එක්දින ලකුණු 18,426 ක් රැස්කරමින් ටෙස්ට් සහ එක්දින වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසු වෙයි.

 


අදහස් (3)

මහේල ටෙස්ට් ලකුණු 11,000 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.